තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට වරෙන්තු..!!

ඔක්තෝබර් 8, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය මගින් අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “ලෙජන්ඩ්ස් ලීග් ” නැමති ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට උපුල් තරංග මහතා විසින් කළ පැමිණිල්ලකට අනුව

විභාග වෙමින් තිබෙන නඩුවක් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

අධිකරණයට දැනුම්දීමකින් තොරව උපුල් තරංග විදෙස් ගතවීම හේතුවෙන් ඔහුව ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නා ලෙසයි උපුත් තරංගට වරෙන්තු නිකුත් කර ඇත්තේ.

ඔහු මෝසමක් මාර්ගයෙන් දැනුම්දී ති‌බෙන්නේ , විදෙස්ගතව සිටින බැවින් දිවයිනට පැමිණි පසු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.