තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ධුරයේ වැඩ අරඹයි..!!

නොවැම්බර් 19, 2024 - Sudarsha Warnakulasooriya

  • Other
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ  ධුරයේ වැඩ අරඹයි.

 

21 වන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්  සුනිල් කුමාර ගමගේ මහතා සිය අමාත්‍යධූරයේ වැඩ භාරගැනීම අද (19) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිදු කෙරිණ.

ගාල්ල ඕල්කට් මහා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ සුනිල් කුමාර ගමගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ)උපාධියත්, කළමනාකරණය පිලිබඳ පශ්චාත් උපාධියත් හිමිකරගෙන ඇති අතර වෘත්තියෙන් ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරිවරයෙකි.

එමෙන්ම ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ සුනිල් කුමාර ගමගේ  ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙකි.ආර්ථික කවුන්සිල සාමාජිකයෙක් ලෙසත්, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති ලෙසත් කටයුතු කරනු ලබයි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්විය.මෙම ප්‍රවෘත්තිය ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරය කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබ ලබාදෙන සහයෝගයට බෙහෙවින් අගය කරමු.

මාධ්‍ය අංශය

තරුණ කටයුතු සහ  ක්‍රීඩා අමාත්‍යාංශය.