බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු වරට 20-20 තරගාවලි ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි.

ඔක්තෝබර් 17, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පළමු වරට 20-20 තරගාවලි ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ තුන්වැනි තරගය කඩුලු 9 කින් ජය ගනිමින්.

දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 8 ක් දැවී ළකුණු 162 ක් රැස් කළා.

වැඩිම ලකුණු ලාභියා වූ රෝමන් පවෙල් ලකුණු 37 යි.

ගුඩාකේෂ් මෝටි පන්දු 15 කදී ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 163 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ල සදහා ගොඩ නැගූ සබධතාව ලකුණු 61 ක්.

පැතුම් නිස්සංක පන්දු 22 කදී ලකුණු 39 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 7 ක් සහ 6 පහරක් ඇතුලත්.

කුසල් මෙන්ඩිස් තම 20 20 ක්‍රිකට් දිවියේ 15 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

කුසල් ජනිත් පෙරේරා වාර්තා කලේ තම 15 වැනි 20-20 අර්ධ ශතකය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 18 කදී කඩුල්ලක් දැවී ලකුණු 166ක් රැස් කරමින්.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68 ක් සහ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 55 ක් රැස් කලා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජය ගත්තේ තරග 2 ට 1 ක් ලෙසයි.

තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. තරගාවලියේ වීරයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වුණා.