යේමනය සමග පැවති පලමු සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට !!

නොවැම්බර් 17, 2024 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Trending
යේමනය සමග ඊයේ (16) පැවති සුහද පාපන්දු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.  තරගය පැවැත්වුනේ කටාර්හිදි.
තරගයේ පළමු අර්ධය නිමා වන විට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිළම සමත් වූයේ නැහැ.
දෙවැනි අර්ධයේ 89 වැනි මිනිත්තුවේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජැක් හැන්ගර් පළමු ගෝලය ලබාගත්තා.
නියමිත කාලය අවසන් වන තෙක් ප්‍රතිවාදි යේමන ක්‍රීඩකයින්ට, ගෝල ලබාගැනීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව ගෝල 1 – 0 ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
යේමනය මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 154 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවට 203 වැනි ස්ථානය හිමියි.
දෙපිළ අතර දෙවැනි සුහද පාපන්දු තරගය හෙට පැවැත්වීමට නියමිතයි.