ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරග වලින් ජය වාර්තා කිරීමට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමත්වෙයි.

ඔක්තෝබර් 14, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending
  • Women's Cricket

ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරග වලින් ජය වාර්තා කිරීමට එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ පිළිවෙලින් ස්කොට්ලන්තය සහ ඉන්දියාව පරාජය කරමින්.එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර තරගය පැවැත්වුණේ සාජාහිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය පන්දු වාර 20 ඇතුලය කඩුලු 6 කට ලකුණු 109 ක් රැස් කළා.

පිලිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 10 කදී කිසිවෙකු නොදැවී ලකුණු 113 ක් රැස් කරමින්.

මයියා බව්චර් නොදැවී ලකුණු 62 ක් සහ ඩැනී හොජ් නොදැවී ලකුණු 51 ක් රැස් කළා.

මේ අතර ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය පැවැත්වුණේද සාජා හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 20 ඇතුලත කඩුලු 8 ක් දැවී ලකුණු 151 ක් රැස් කළා. ග්‍රේස් හැරිස් ලකුණු 40 යි.

පන්දු යැවීමේදී රේනුකා සිං සහ දීප්ති ශර්මා කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිලිතුරු ලෙස ඉන්දියාව පන්දු වාර 20 ඇතුලත කඩුලු 9ක් දැවී රැස් කලේ ලකුණු 142 ක් පමණයි.

නායිකා හර්මන්ප්‍රීත් කෝර් නොදැවී ලකුණු 54 යි. ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ ලකුණු 9කින්.

ඒ අනුව ඔස්ට්‍රේලියාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ අපරාජිත කණ්ඩායම ලෙසයි.