ශ්‍රී ලංකාවට වසර දොළහකට පසු නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් !!

නොවැම්බර් 18, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

වසර දොළහකට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලී ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඊයේ (17) පැවති දෙවන තරඟය ජය ගනිමින්.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.

වර්ෂාව හේතුවෙන් මෙම තරඟයේ එක් ඉනිමක් පන්දු වාර 47 කට සීමා කෙරුණා.

ඒ අනුව නවසීලන්තය පනපන්දුවාර 45 යි පන්දුවකදී සියලු ක්‍රිඩකින් දැවී ලකුණු 209 ක් රැස්කළා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 46කදී කඩුලු හතක් දැවී ලකුණු 210 ක් රැස් කරමින්.

අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණ එක් අන්තයක් ආරක්ෂා කරමින් හුදෙකලා සටනක නිරත වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74 ක් රැස්කළා.

මහීෂ් තීක්ෂණ නොදැවේ ලකුණු 27 යි.

ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම එක්දින තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබුණේ 2012 වසරේදී.

එමෙන්ම මෙම වසර තුළදී ශ්‍රී ලංකාව ජයගත් පස් වැනි එක් දින ක්‍රිකට් තරගාවලිය මෙයයි.

දෙරට අතර තුන්වැනි එක්දින තරගය හෙට (19) පැවැත්වීමට නියමිතයි.