ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි එක්දින තරගය අද (19)

නොවැම්බර් 19, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි එක්දින තරගය අද පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ජය ගත්තේ ලකුණු 45 කින්.

දෙවැනි තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ශ්‍රී ලංකාව නවසීලන්තය සමග එක්දින තරගාවලියක් ජය ගත්තේ වාසර 12 කට පසුවයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කලේ තුන්වැනි එක්දින තරගයේ ශ්‍රී ලංකා සංචිතයට නුවනිදු ප්‍රනාන්දු , ලහිරු උදාර සහ එශාන් මාලිංග කැදවූ බවයි.

ඒ පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් , කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු විවේක ගැන්වීම හේතුවෙන්.

ඔවුන් මෙලෙස විවේක ගන්වා ඇත්තේ ලබන 27 වැනිදා දකුණු අප්‍රිකාව සමග දකුණු අප්‍රිකාවේදී ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීම වෙනුවෙන්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි එක්දින තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.