ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට

ඔක්තෝබර් 9, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending
  • Women's Cricket

2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගය පරාජය වීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ තරග 3 ම පරාජයට පත් වුණා.
ඩුබායි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවර පහර දීමට තීරණය කළා.

ඉන්දීය ඉනිම ආරම්භ කළේ ස්ම්‍රිති මන්දනා සහ ශෆාලි වර්මා. ඔවුන් දෙදෙන‌ා කණ්ඩායම වෙනුවෙන් සාර්තක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා.

පළමු කඩුල්ල සදහා ගොඩ නැගූ සබධතාව ලකුණු 98 ක්. පළමු කඩුල්ල ලෙස ස්ම්‍රිතී මන්දනා ලකුණු 50 කට දැවී ගියා. ශෆාලි වර්මා ලකුණු 43 ක් රැස් කළා.

ඉන්දියාව පන්දු වාර 20 ඇතුලත කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 172 .

මෙවර ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එයයි. නායිකා හර්මන්ප්‍රීත් කෝර් නොචැවී ලකුණු 52 ක් රැස් කළා. පන්දු 24 කදී ගොඩ නැගුණු ඇයගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහරක් ඇතුලත්.
තරගය ජය ගැනීම සදහා ලකුණු 173 ක ඉලක්කයක් සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් ලකුණක් හෝ එක් වීඹට පෙර විශ්මි ගුණරත්න දැවී ගියා.

කණ්ඩායමේ මුල් කඩුලු 3 දැවී ගියේ ලකුණු 6 කට. මෙවර තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල පෙළ පිතිකාරිනියන් අසාර්ථක වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව පන්දු වාර 19 යි පන්දු 1 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. කවීෂා දිල්හාරි ලකුණු 21 ක් රැස් කළ අතර අනුශ්කා සංජීවනී ලකුණු 20 යි.

පන්දු යැවීමේදී අරුන්දතී රෙඩී සහ ආශා සෝබනා කඩුලු 3 බැගින් දනා ගත්තා.

තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජය ගත්තේ ලකුණු 82 කින්.