බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තරග 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට..!!

October 27, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරගාවලියේ තුන්වැනි තරගයේ ජය හිමිකර ගත්තේ කොදෙව් කණ්ඩායමයි.

මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා.

ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු.

පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 34කට දැවී ගියා. පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ දී වර්ෂාව හේතුවෙන් තාවකාලිකව තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රිඩකයින් කඩුල්ලක් දැවී ලකුණු 81 ලබා සිටියා.

අනතුරුව යළි තරගය ආරම්භ කෙරුණේ ඉනිමක් ප න්දුවාර 23කට සීමා කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කළා.

අනතුරුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ගොදු කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා පන්දු වාර විසිතුරකදී ලකුණු 195 ක ඉලක්කයක් හිමිවුණා.

ඔවුන් පන්දු වර්ග 22කදී කඩුලු 2 ක් දැවී ලකුණු 196 ක් රැස් කරමින් තරගය ජය ගත්තා.

එවින් ලුවිස් ලකුණු 102යි..