ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.
ඩුබායිහිදී පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ සහභාගි වන දෙවැනි තරගය මෙයයි.
තමන් මුහුණ දුන් පළමු තරගයෙන් බංග්ලාදේශය පරදවා ඔවුන් කඩුලු 6 ක ජයක් වාර්තා කළා. ප්‍රතිවාදී හොංකොං කණ්ඩායම මෙම තරගාවලියේදී මීට පෙර තවත් තරග දෙකකට සහභාගි වුණා.
බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සමග පැවති එම තරග දෙකම ඔවුන්ට ජය ගැනීමට හැකි වූයේ නැහැ.
ශ්‍රී ලංකාව සහ හොංකොං අතර, ජාත්‍යන්තර 20-20 තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.