ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි අර්ධ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගී වනවා. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ චීන කණ්ඩායමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙයි අර්ධ අවසන් පූර්වතරගයට සුදුසුකම් ලබා ගත්තේ මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔවුන් සී ඛාන්ඩයෙන් පෙරමුණට පැමිණියා.
තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තුන්වැනි තරගය ක්‍රීඩා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගයි.
එහි පළමු වටය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගත්තේ ලකුණු 5 ට 0 ක් ලෙස.
දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 12 ක් ලබා ගත්තා. ප්‍රතිවාදීන් එහිදී රැස් කලේ ලකුණු 5 ක් පමනයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 17 ට 5 ක් ලෙසයි.