ආසියානු ක්රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරග අද ආරම්භ වුණා. ඒ යටතේ ශ්රී ලංකා කණ්ඩායම අද පළමු තරගයට සහභාගී වුනේ පිලිපීනය සමග. ඒ සී කාණ්ඩය යටතේයි.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 7 ට 7 ක් ලෙස දෙපිළම සම තත්වයේ පසු වුණා.
දෙවැනි අර්ධයේදී ශ්රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 15 ක් ලබා ගත්තා. ප්රතිවාදී පිලිපීනය දෙවැනි අර්ධයේදී ලබා ගත්තේ ලකුණු 7 ක් පමණයි.
ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 22 ට 14 ක් ලෙස.
ශ්රී ලංකා ක්රීඩකයින් අද පස්වරුවේ සිංගප්පූරුව සමග තරග වැදීමට නියමිතයි.