අභාවප්‍රාප්ත ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජීසස් ඩි මිගෙල් ගේ අවමංගල්‍යය ඊයේ සිදු කෙරුණා. ඒ, ස්පාඤ්ඤ අගනුවර, නවහර්මෝසා හි සැන් මිගෙල් ආර්කන්ගල් දේවස්ථාවයේදී.
ටෙනරීෆ් කණ්ඩායම නියෝනය කළ 30 හැවිරිදි ස්පාඤ්ඤ ක්‍රීඩක ජීසස් ඩි මිගෙල්, ස්පාඤ්ඤයේ පැවති පාපන්දු තරගයකදී පසුගිය සඳුදා හදිසි අනතුරකට ලක් වුණා.
ඒ, එෆ් සී ඇනඩෝරා කණ්ඩායමේ ගෝල රකින ක්‍රීඩක ජෙසුස් ඔවෝනේ, ජීසස් සමග ගැටීමෙන්. වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඔහුට එහිදී ප්‍රතිකාර ලබා දී රෝහල් ගත කළ ද පසුගිය අඟහරුවාදා ඔහු සිය ජීවිතයෙන් සමු ගත්තා.
ටෙනරීෆ් කණ්ඩායමේ ඔහුගේ සගයින්ගේ සෝසුසුම් මැද දේහය රැගෙන යනු ලැබූවා.
රියල් මැඩ්රික් සභාපති ෆ්ලොරෙන්ටිනෝ පෙරස්, වත්මන් ස්පාඤ්ඤ පුහුණුකරු ලුයිස් ඩි ලා ෆුවෙන්ටේ ඇතුළු විශාල පිරිසකගේ සභාගීත්වයෙන් අභාවප්‍රාප්ත ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩක ජීසස් ඩි මිගෙල්ගේ අවසන් කටයුතු සිදු වුණා.
ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.