Cricket
  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තරග 2-1 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට..!!

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ තුන්වැනි තරගයේ ජය හිමිකර ගත්තේ කොදෙව් කණ්ඩායමයි. මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන්නා. ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. පළමු කඩුල්ල ලෙස අවිශ්ක ලකුණු 34කට දැවී ගියා. පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ දී වර්ෂාව හේතුවෙන් තාවකාලිකව තරගය නතර කරන විට ශ්‍රී ලංකා ක්‍රිඩකයින් කඩුල්ලක් දැවී ලකුණු 81 ලබා සිටියා. අනතුරුව යළි තරගය ආරම්භ කෙරුණේ ඉනිමක් ප න්දුවාර 23කට සීමා කරමින්. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කළා. අනතුරුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ගොදු කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා පන්දු වාර විසිතුරකදී ලකුණු 195 ක ඉලක්කයක් හිමිවුණා. ඔවුන් පන්දු වර්ග 22කදී කඩුලු 2 ක් දැවී ලකුණු 196 ක් රැස් කරමින් තරගය ජය ගත්තා. එවින් ලුවිස් ලකුණු 102යි..

ඔක්තෝබර් 27, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

නවසීලන්තය ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කරයි..!!

ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් ක්රි‍කට් තරගය ලකුණු 113 කින් ජයගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ අනුව තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ටෙස්ට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට නවසීලන්තය සමත්ව තිබෙනවා. ඉන්දියාවට එරෙහිව ඔවුන් ඉන්දියාවේදී ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය මෙයයි. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ පූනේ හිදී. පළමු ඉනිමට නවසීලන්තය රැස්කළ ලකුණු 259 ට පිළිතුරු ලෙස, ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 156 ක් රැස්කළා. නවසීලන්ත කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්යාසව 255 ක්. ඒ අනුව තරගය ජයගැනීමට ඉන්දියාවට ලකුණු 359 ක ඉලක්කයක් හිමිවුණා. නමුත් ඔවුන් සියලු ක්රීවඩකයින් දැවී රැස්කළේ ලකුණු 245 ක් පමණයි. යශස්වී ජයයිස්වාල් ලකුණු 77 යි. පන්දු යැවීමේදී මිචෙල් සැන්ට්නර් කඩුලු 6 ක් දවාගත්තා. ඒ අනුව දින 3 කදී ටෙස්ට් තරගය නිම කරමින් ජය හිමිකර ගැනීමට, නවසීලන්තය සමත් වුණා. ඉන්දියාව තම රටේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පරාජයට පත්වුණේ 2012, 2013 තරග සමයෙන් පසුවයි.

ඔක්තෝබර් 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

1988 වසරින් පසුව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්වෙයි !!

1988 වසරින් පසුව ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ටෙස්ට් තරග ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා. ඔවුන් මෙලෙස වාර්තා කලේ ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී ලැබූ තුන්වැනි ටෙස්ට් ජයග්‍රහණයයි. ඉන්දියාව සහ නවසීළන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ බැංග්ලෝර්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 46 කට සීමා වුණා. නවසීළන්ත පළමු ඉනිම ලකුණු 402 යි. අනතුරුව ඉන්දියාව දෙවැනි ඉනිමට ලකුණු 462 ක් රැස් කළා. තරගය ජය ගැනීම සදහා නවසීළන්ත කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 107 ක්. ඔවුන් කඩුලු 2 ක් දැවී ලකුණු 110 ක් රැස් කරමින් තරගය ජය ගත්තා. ඒ අනුව නවසීළන්ත කණ්ඩායම පළමු ටෙස්ට් තරගය ජය ගත්තේ කඩුලු 8 කින්.

ඔක්තෝබර් 20, 2024 - Sudarsha Warnakulasooriya

Other News Tab
  • Netball
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

13 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශුරතාවය හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත්වෙයි !!

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට සිංගප්පූරුව සමත් වුණා. ඒ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු තුනකින් පරාජය කරමින්. තරගය ආරම්භයේ සිටම දෙපිලම දියුණු තරග රටාවක නිරත වුණා. පළමු කාර්තුව අවසන් වුණේ ලකුණු 17 -12 ලෙස සිංගප්පූරුව ඉදිරියෙන් සිටිමින්. දෙවන අර්ධය අවසන් වන විට ලකුණු 28 -27 ලෙස ලකුණු තත්ත්වය දැක්වුණා. එහිදී ද පෙරමුණ ගත්තේ සිංගප්පූරුවයි. තුන්වෙනි කාර්තුව අවසන් වන විට ලකුණු 42 - 39 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියා. නියමිත කාලය අවසන් වුණේ ලකුණු 52-52 ලෙස දෙපිලම සම තත්වයේ සිටිමින්. අනතුරුව තරගයේ ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නා. එහි පළමු වටය අවසන් වන විටද දෙපිලම ලකුණු 59 බැගින් රැස්කර සම තත්ත්වය පසුවනවා. කේසේවෙතත් තරගය අවසන් වන විට ලකුණු තත්ත්වය දැක්වූනේ 67-64 ක් ලෙසයි. ඒ අනුව අවසන් තරගය ජයගත් සිංගප්පූරුව තරගාවලියේ ශූරතාව හිමි කරගත්තා. ඔවුන් මෙම ශූරතාව දිනාගත් සිව් වැනි අවස්ථාව මෙයයි. සිංගප්පූරුව ආසියානු දැල්පන්දු කිරුළ හිමි කරගත්තේ 2014 වසරින් පසුවයි. ශ්‍රී ලංකාව මෙහි අනුශූරතාවය දිනා ගත් සිව් වැනි අවස්ථාව මෙයයි.

ඔක්තෝබර් 27, 2024 - Sudarsha Warnakulasooriya

  • Netball
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 2024 ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අඛණ්ඩව තම පස් වැනි ජයග්‍රහණයත් වාර්තා කරයි..!!

ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අඛණ්ඩව තම පස් වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ මැලේසියානු කණ්ඩායම ලකුණු 72 - 40ක් ලෙස පරාජය කරමින්. ශ්‍රී ලංකාව මැලේසියාවට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ජයගත් තරගය ලෙසයි මෙය වාර්තා වන්නේ. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් මෙම තරගාවලිය යටතේ පිලිපීනය, සවුදි අරාබිය ,ඉන්දියාව සහ ජපානය පරාජය කරමින් ජය වර්තා වර්තාකලා. මැලේසියාව සමග පැවති තරඟයෙන් ලද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තමන් සහභාගි වන කාණ්ඩයේ පළමු ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බැංග්ලෝර්හිදී.

ඔක්තෝබර් 23, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending
  • Women's Cricket

2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ නවසීළන්තයට !!

2024 ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් කිරුළ හිමි කර ගැනීමට නවසීළන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 32 කින් පරාජය කරමින්. නවසීලන්ත කණ්ඩායම 20-20 කාන්තා ක්‍රිකට් කිරුළ හිමි කර ගත් පළමු අවස්ථාව මෙයයි. ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීළන්තයට ලබා දුන්නා. නවසීලන්ත ඉනිම ආරම්භ කලේ සුසී බේට්ස් සහ ජෝර්ජියා පෙලිමර්. ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 16 ක් වන විට පෙලිමර් ලකුණු 9 කට දැවී ගියා.සූසි බේට්ස් ලකුණු 32 කට සහ සොෆී ඩිවයින් ලකුණු 6 කට දැවී ගියා. බෲක් හැලිඩේ ලකුණු 38 ක් රැස් කළා. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අමේලියා කේර් ලකුණු 44 යි. නවසීළන්ත කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් රැස් කළා. මෙය 20-20 කාන්තා ලෝක කුසලාන අවසන් තරගයක පළමුවෙන් පන්දුවට පහර දුන් කණ්ඩායමක් රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවයි. තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා යමින් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කලේ ලවුරා වොල්වර්ට් සහ ටස්මින් බර්ට්ස්. ඔවුන් දෙදෙනා අතර ආරම්භක කඩුල්ලේ සබධතාව ලකුණු 51 ක්. පළමු කඩුල්ල ලෙස ටස්මින් බර්ට්ස් ලකුණු 17 ක‌ට දැවී ගියා. නායිකා ලවුරා වොල්වර්ට් පන්දු 27 කදී ලකුණු 33 ක් රැස් කළා. අනෙකා බොස්ච් ලකුණු 9 යි. ලකුණු 8 ක් රැස් කර ගෙන සිටි මරයිසන් කේප් දකුණු අප්‍රිකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියා. දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20 ඇතුලත කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126 ක්. ඒ අනුව නවසීළන්ත කණ්ඩායම පළමු වරට ලෝක 20-20 කාන්තා ක්‍රිකට් කිරුළ හිමි කරගැනීමට සමත් වුණා. තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්වයම හිමි කර ගත්තේ අමේලියා කේර්.

ඔක්තෝබර් 20, 2024 - Sudarsha Warnakulasooriya

Football News
  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි..!!

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ කාම්බෝජය සමග පැවති දෙවැනි තරගය දඬුවම් පහර මගින් ජයග්‍රහණය කිරීමත් සමඟයි. අදියර දෙකක් යටතේ පැවති මෙහි පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. තරගය දෙපිලටම තීරණාත්මක වුණේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙහි ජයග්‍රහණය අනිවාර්ය වීම හේතුවෙන්. කාම්බෝජයේ දී පැවති අද තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වාර්තා කළා. එම ගෝලය ලබා ගත්තේ ඔලිවර් කෙලාට් විසින්. ඒ අනුව තරඟයේ පළමු අර්ධය අවසන් වුනේ ගෝල එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනිමින්. අනතුරුව කාම්බෝජය තම පළමු ගෝලය ලබා ගත්තේ තරඟයේ 51 වැනි මිනිත්තුවේදී. තරඟයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල එක බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවුණා. ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නා. එහිදී 99 වැනි මිනිත්තුවේදී කාම්බෝජයේ ගෝලයක් වාර්තා කළේ ජයග්‍රහණය පිළිබඳ වැඩි බලාපොරොත්තු තම කණ්ඩායම වෙතට යොමු කර ගනිමින්. නමුත් තරගයේ අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලව්ඩියා මැට්තිහස් ගෝලයක් වර්තා කිරීමත් සමඟ යළිත් ගෝල තත්ත්වය සම වුණා. ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට දඬුවම් පහර ලබාදුන්නා. කාම්බෝජයේ එල්ල කළ පළමු දඬුවම් පහර දෙක අසාර්ථක වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරාගේ සුපිරි ගෝල රැකීමත් සමග. අනතුරුව ඔවුන් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගත්තා. අනතුරුව ශ්‍රී ලංකාව දඬුවම් පහර හතරක් සාර්ථක කර ගැනීමත් සමඟ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුනා. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තුන්වෙනි වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි හිමි වුණා. මේ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 201 හෝ 200 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාවද හිමිවනවා.

සැප්තැම්බර් 11, 2024 - Sudarsha Warnakulasooriya