දකුණු ආසියානු පාපන්දු තරගාවලිය හෙට ආරම්භ වෙනවා.
බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව හයක්.
ශ්‍රී ලංකාව,ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින මෙවර තරගාවලියට සහභාගී වනවා.
මූලික වටේදී ඔවුන් ඒ හා බී ලෙස කන්න දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය ඒ කාණ්ඩයට ඇතුළත්.
ඉන්දියාව, පාකිස්ථානය සහ මාලදිවයින බී කාණ්ඩයෙන් තරග වදිනවා.
හෙට දිනයේදී පළමු තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය පැවැත්වීමට නියමිතයි.
අනතුරුව බංග්ලාදේශීය සහ භූතානය අතර තරඟයද හෙට පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගී වන පළමු තරගය ලබන අට වනතා භූතානයන් සමඟ පැවැත්වීමට නියමිතයි.
ඔවුන් මූලික වටයේ දෙවන තරඟයේදී බංග්ලාදේශය සමග තරග වදින්නේ ලබන 11 වැනිදායි.
මෙවර තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුජාන් පෙරේරාට හිමිව ඇති අතර නම් කළ කණ්ඩායමට ක්‍රීඩකයින් විසි තුන්දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට පිවිසෙන්නේ 1995 වසරෙන් පසුව දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමේ අරමුණ ඇතිවයි.
හෙට ආරම්භ වන තරගාවලිය ලබන දාහත් වැනිදා දක්වා පැවැත්වෙනවා.