Cricket
  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන් වැනි එක්දින තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලිය, තරග 2 ට 1 ක් ලෙස ජය ගත්තේ, නවසීලන්තයයි. තුන්වැනි තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී. ‍ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්‍ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. පැතුම් නිස්සංක අද සිය 16 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 66ක් ලෙස සටහන් වෙද්දි, පැතුම් නිස්සංක ආබාධයක් හේතුවෙන් තාවකාලිකව පිටියෙන් ඉවත්වුණා. අනතුරුව පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 17 කටයි. කුසල් මෙන්ඩිස් තම 33 වැනි අර්ධ ශතකය ද සමගින්, ලකුණු 54 ක් රැස් කළා. කමිඳු මෙන්ඩිස් ලකුණු 46 යි. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4 ක් දැවී යාමත් සමග පැතුම් නිස්සංක යළි පන්දුවට පහරදිම සඳහා පිටියට පැමිණියා. ඔහු, ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි. ජනිත් ලියනගේ තම සිව් වැනි එක් දින අර්ධ ශතකය සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53 ක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 4 ක් බිඳ හෙලුවා. ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව එක්දින තරගයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි. තරගය ජය ගැනීම සඳහා ලකුණු 291 ක ඉලක්කයක් සමග නවසීලන්ත ඉනිම ආරම්භ කළේ, විල් යන්ග් සහ රචීන් රවින්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 3 ක් වන විට විල් යන්ග් ලකුණු නොලබා දැවී ගියා. රචින් රවින්ද්‍ර රැස් කළේ, එක ලකුණක් පමණයි. නවසීලන්ත ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 21 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු වන්නන් සමත් වුණා. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුසංඛ්‍යාවක් රැස් කළේ මාර්ක් චැප්මන්. ඔහු ලකුණු 81 ක් ලබා ගත්තා. නවසීලන්තය, පන්දුවාර 29 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150 ක්. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ එෂාන් මාලිංග කඩුලු 3 බැගින් දවා ගත්තා. ශ්‍රී ලංකාව තරගයෙන් ලකුණු 140 ක ජයක් වාර්තා කළා. එමෙන්ම, ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක් ජයගත් වැඩිම තුන්වැනි ලකුණු පරතරය මෙයයි. තරගයේ වීරයා අසිත ප්‍රනාන්දු. තරගාවලියේ වීරයා සම්මානය මැට් හෙන්රිට හිමි වුණා.

January 12, 2025 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ශ්‍රී ලංකාව සමග එලඹෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරගයකට සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නම් කෙරුණා. එහි නායකත්වය දරන්නේ ස්ටීවන් ස්මිත්. ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. Steve Smith (c) Travis Head (vc) Sean Abbott Scott Boland Alex Carey Cooper Connolly Josh Inglis Usman Khawaja Sam Konstas Matt Kuhnemann Marnus Labuschagne Nathan Lyon Nathan McSweeney Todd Murphy Mitchell Starc Beau Webster ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් පුද්ගලික හේතුවක් මත තරගාවලියට සහභාගී වන්නේ නැහැ. එම නිසා ස්ටීවන් ස්මිත් කණ්ඩායමේ නායකත්වය දරනු ඇති. දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්. පළමු සහ ‍දෙවන ටෙස්ට් තරග පිළිවෙළින් ලබන 29 වැනිදා සහ පෙබරවාරි 6 වැනිදා පැවැත්වෙන්නේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. එක්දින තරගය පෙබරවාරි 13 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

January 9, 2025 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Trending

නවසීලන්තයෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන Martin Guptil ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

නවසීලන්තයෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 38 හැවිරිදි වියේ පසුවන ඔහු ඉදිරියටත් ලොව පුරා ඇති ලීග් තරගවලට සහභාගී වීමටයි තීරණය කර ඇත්තේ. නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 198කට ක්‍රීඩා කර ඇති ගප්ටිල් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,346ක්. නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස්කල තුන්වන පිතිකරුවා වන්නේද මාටින් ගප්ටිල්. ගප්ටිල් ලෝකයේ දැඩි කතාබහකට ලක් වුණේ 2015 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 237ක් රැස්කර ගැනීමත් සමඟයි. එය අදටත් පිතිකරුවෙකු එක්දින පිටියේ රැස්කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ඔහු විස්යි විස්ස තරග 122දී ලකුණු 3,531ක් රැස්කරගෙන සිටිනවා. කෙසේ වෙතත් ගප්ටිල්ට 2022 ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා නවසීලන්ත කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ.

January 9, 2025 - Sudarsha Warnakulasooriya

Football News
  • Football
  • Popular
  • Recent
  • Trending

යේමනය සමග පැවති පලමු සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට !!

යේමනය සමග ඊයේ (16) පැවති සුහද පාපන්දු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.  තරගය පැවැත්වුනේ කටාර්හිදි.
තරගයේ පළමු අර්ධය නිමා වන විට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිළම සමත් වූයේ නැහැ.
දෙවැනි අර්ධයේ 89 වැනි මිනිත්තුවේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජැක් හැන්ගර් පළමු ගෝලය ලබාගත්තා.
නියමිත කාලය අවසන් වන තෙක් ප්‍රතිවාදි යේමන ක්‍රීඩකයින්ට, ගෝල ලබාගැනීමට හැකි වූයේ නැහැ.
ඒ අනුව ගෝල 1 - 0 ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
යේමනය මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 154 වැනි ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවට 203 වැනි ස්ථානය හිමියි.
දෙපිළ අතර දෙවැනි සුහද පාපන්දු තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

November 17, 2024 - Sudarsha Warnakulasooriya

Other News
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Women's Cricket

බංග්ලාදේශ 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි ඨ්20 තරගයෙන් ශ්‍රි ලංකා 19න් පහළ ක්‍රීඩිකාවන්ට ලකුණු 65 ක ජයක්

බංග්ලාදේශය වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි 20 - 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 65 ක ජයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත්වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී. ‍තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩිකාවන්, පන්දුවාර 20 ඇතුළත, කඩුලු 4 ක් දැවී ලකුණු 125 ක් රැස් කළා. නායිකා මනුධි නානායක්කාර ලකුණු 50 යි. රශ්මිකා සෙව්වන්දි ලකුණු 27 ක් රැස් කළා. පන්දු යැවීමේ දී නිශිතා අක්තර් කඩුලු 2 යි. පිළිතුරු ලෙස බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 12 යි පන්දු ‍2 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 60 ක් පමණයි. සාදියා අක්තර් ලකුණු 18 යි. පන්දු යැවීමේ දී චමෝධි ප්‍රබෝධා සහ අසේනී තලගු‍ණේ කඩුලු 3 බැගින් බිඳ හෙලුවා.

January 7, 2025 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala

බංග්ලාදේශ 19 න් පහළ කාන්තා කණ්ඩායම සමග පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමග පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්, බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 3 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී ලකුණු 109 ක් රැස් කළා. ජනතුල් මව්වා ලකුණු 34 යි. සුමයියා අක්තර් ලකුණු 29 ක් රැස් කළා. පන්දු යැවීමේදී ලිමන්සා තිලකරත්න සහ රෂ්මිකා සෙව්වන්දි ‍කඩුලු 2 බැගින් බිඳහෙලුවා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ, පන්දුවාර 18 යි පන්දු 5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 112 ක් රැස් කරමින්. දහමි සෙනෙත්මා නොදැවී ලකුණු 29 යි. සුමුදු නිසංසලා ලකුණු 27 ක් රැස් කළා.

January 6, 2025 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Trending

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියේ තරඟ කාල සටහන නිවේදනය කරයි..!!

සංචාරක ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය, ජනවාරි 29 වැනිදා ආරම්භ වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළා. තරගාවලියට ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරගයක් ඇතුළත්. පළමු ටෙස්ට් තරගය ලබන 29 වැනිදා ආරම්භ වනවා. දෙවැනි ටෙස්ට් තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වීමට නියමිතයි. එම තරග, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. එක්දින තරගය ලබන මස 13 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගන‍යේදී පැවැත්වෙනවා. තරගාවලියට සහභාගී වන ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන 20 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි.

January 1, 2025 - Sudarsha Warnakulasooriya