සුපිරි 8 වටය යටතේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේ ජය ඉන්දියාවට..!!

ජූනි 21, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටය යටතේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගය ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා.

තරගය පැවැත්වුණේ බාබඩෝස් හිදී.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 181 ක් රැස් කලා.

සූර්ය කුමාර් යාදේව් ලකුණු 53 යි.

පන්දු යැවීමේදී ෆසාල්හක් ෆාරුකී සහ රශීඩ් ඛාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිලිතුරු ලෙස ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 ඇතුළත සියලු ක්‍රීඩකයින් දැවී රැස් කලේ ලකුණු 134 ක් පමණයි.

තරගයෙන් ඉන්දියාව ජය ගත්තේ ලකුණු 47 කින්.

අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 26යි.

පන්දු යැවීමේදී අර්ශ්දීප් සිං සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිද හෙලුවා.