Football

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රී නැවතත් මෙරටට !!

ආසියානු කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ තුන් වන වටයට පිවිසීම සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඉකුත් 09/05 දින කාම්බෝජය සමග කොළඹ දී පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග එහි තවත් තරගයක් මෙම දෙරට අතර කාම්බෝජයේ නොන්පෙන් නුවර 09/10 දින පවත්වා තිබුණි . එහිදී මෙම දෙරට 2 - 2 ක් ලෙස සමාන ආකාරයෙන් ගෝල වාර්තා කර තිබීම නිසා ඔවුන්ට හිමි වූ දඩුවම් පහර ශ්‍රී ලංකා කණ්ඩායම 4 - 2 ක් ලෙස සාර්ථක කර ගැනීමත් සමග මෙම ජයග්‍රහණය හිමි කර ගැනීමට අවස්ථාව උදා කර ගෙන තිබුණි . මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 09/11 දින රාත්‍රී 11.10 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඔවුන් පිළිගැනීම සදහා අති විශාල පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ

සැප්තැම්බර් 12, 2024 - Sudarsha Warnakulasooriya

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වෙයි..!!

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තුන් වැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ කාම්බෝජය සමග පැවති දෙවැනි තරගය දඬුවම් පහර මගින් ජයග්‍රහණය කිරීමත් සමඟයි. අදියර දෙකක් යටතේ පැවති මෙහි පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. තරගය දෙපිලටම තීරණාත්මක වුණේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙහි ජයග්‍රහණය අනිවාර්ය වීම හේතුවෙන්. කාම්බෝජයේ දී පැවති අද තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත්තා. තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වාර්තා කළා. එම ගෝලය ලබා ගත්තේ ඔලිවර් කෙලාට් විසින්. ඒ අනුව තරඟයේ පළමු අර්ධය අවසන් වුනේ ගෝල එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගනිමින්. අනතුරුව කාම්බෝජය තම පළමු ගෝලය ලබා ගත්තේ තරඟයේ 51 වැනි මිනිත්තුවේදී. තරඟයේ නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝල එක බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවුණා. ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට අතිරේක කාලයක් ලබා දුන්නා. එහිදී 99 වැනි මිනිත්තුවේදී කාම්බෝජයේ ගෝලයක් වාර්තා කළේ ජයග්‍රහණය පිළිබඳ වැඩි බලාපොරොත්තු තම කණ්ඩායම වෙතට යොමු කර ගනිමින්. නමුත් තරගයේ අවසන් මිනිත්තුවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්ලව්ඩියා මැට්තිහස් ගෝලයක් වර්තා කිරීමත් සමඟ යළිත් ගෝල තත්ත්වය සම වුණා. ඒ අනුව ජය පරාජය තීරණය කිරීමට දඬුවම් පහර ලබාදුන්නා. කාම්බෝජයේ එල්ල කළ පළමු දඬුවම් පහර දෙක අසාර්ථක වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුජාන් පෙරේරාගේ සුපිරි ගෝල රැකීමත් සමග. අනතුරුව ඔවුන් දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගත්තා. අනතුරුව ශ්‍රී ලංකාව දඬුවම් පහර හතරක් සාර්ථක කර ගැනීමත් සමඟ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුනා. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ තුන්වෙනි වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි හිමි වුණා. මේ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 201 හෝ 200 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාවද හිමිවනවා.

සැප්තැම්බර් 11, 2024 - Sudarsha Warnakulasooriya

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවැනි තරගය අද (10) !!

2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවැනි තරගය අද පැවැත්වෙනවා. එය, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.30 ට ආරම්භ වීමට නියමිතයි. මෙහි පළමු තරගය පසුගියදා කොළඹදී පැවති අතර, එය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා අද තරගය දෙපිළටම තීරණාත්මකයි. මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත්, තරගය සඳහා අතිරේක කාලයක් ලබා දෙනවා. එහිදී ද තීරණයක් නොලැබුණු හොත්, ජය පරාජය තීරණය කෙරෙන්නේ, දඬුවම් පහර මගින්. මේ වන විට ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව කාම්බෝජයට 180 වැනි ස්ථානයත් ශ්‍රී ලංකාවට 205 වැනි ස්ථානයත් හිමියි.

සැප්තැම්බර් 10, 2024 - Sudarsha Warnakulasooriya

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන්වෙයි..!!

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. මෙය පැවැත්වුණේ, 2027 වසරේ ආසියානු පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගයක් ලෙසයි. තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී. පළමු අර්ධය නිමා වූයේ දෙපිලම ගෝල වාර්තා කිරීමට පෙරයි. දෙවන අර්ධයේදී ද කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත්වීම හේතුවෙන් තරගය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි. අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක මෙහි දෙවැනි අදියර ලබන 10 වැනිදා පැවැත්වෙන්නේ, කාම්බෝජයේදී. මේවන විට පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව, කාම්බෝජයට ලොව 180 වැනි ස්ථානයත්, ශ්‍රී ලංකාවට 205 වැනි ස්ථානයත් හිමිව තිබෙනවා.

සැප්තැම්බර් 5, 2024 - Sudarsha Warnakulasooriya

මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟාවෙමින් ලෝක වාර්තාවක් තැබූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ නවතම නිල YouTube නාලිකාව..!!

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් ආරම්භ කරනු ලැබූ ඔහුගේ නවතම නිල යූටියුබ් නාලිකාව මිනිත්තු 90ක් තුළදි මිලියනයක් ග්‍රාහකයින් වෙත ලඟා වූ වේගවත්ම යූටියුබ් නාලිකාවේ ලෝක වාර්තාව තබා තිබෙනවා. UR.Cristiano නම් මෙම නාලිකව නිකුත් කර ගතවූ පලමු මිනිත්තු 90 ඇතුලත මෙම කඩයිම් පසු කර ඇති අතර මේවන විට එය ග්‍රාහකයින් මිලියන 14 ද පසු කර අවසන්. මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ වේගයෙන්ම මිලියනයේ කඩයිම පසුකර යූටියුබ් නාලිකාව ලෙසයි වාර්තා වන්නේ.

අගෝස්තු 22, 2024 - Sudarsha Warnakulasooriya

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට..!!

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ‍තුරඟ තරග පිටියේදී අවසන් වූයේ ගෝල 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්. තරගයේ පළමු අර්ධයේදී දෙපිළේ කිසිවකුටත් ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්ක කර තත්පර 23ක් ගත වන විට ක්‍රියාත්මක වූ 21 හැවිරිදි ඩිලන් ද සිල්වා ශ්‍රී ලංකාවට පළමු ගෝලය වාර්තා කළා. අනතුරුව 55 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඔලිව ජේම්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ගෝලය ලබා දුන්නා. තරගයේ අවසාන මිනිත්තුව දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය නිසා භූතානයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් අනුව භූතානයට 184 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට 204 වන ස්ථානයත් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වාර්තා කළ ජයග්‍රහණය වසර 3 කට පසුව ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණයයි. මේ අතර ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව තරගයක් ජය ගත්තේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.

මාර්තු 26, 2024 - Sudarsha Warnakulasooriya

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය අයිවරි කෝස්ට් කණ්ඩායමට..!!

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී, නයිජීරියාව පරාජය කරමින්. තරගාවලිය පැවැත්වුණේ, අයිවරි කෝස්ට් හිදී. අවසන් තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, නයිජීරියාවයි. ඒ අනුව, පළමු අර්ධය නිමා වන විට ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නයිජීරියාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී අයිවරි ‍කෝස්ට් කණ්ඩායම ගෝල 2 ක් ලබා ගත්තා. ඒ, 62 වැනි සහ 81 වැනි මිනිත්තුවලදී. නමුත්, නයිජීරියාව දෙවැනි අර්ධයේදී ගෝලයක් වාර්තා කළේ නැහැ. ඒ අනුව, ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත් අයිවරි කෝස්ට් කණ්ඩායම තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා. ඔවුන් මෙම ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙයයි.

පෙබරවාරි 12, 2024 - Sudarsha Warnakulasooriya