Rugby

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක්..!!

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට රග්බි ක්‍රීඩකයින් සඳහා රක්‍ෂණාවරණයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුවයි. අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය යටතේ අද හැව්ලොක් ක්‍රීඩාංගණයේ පැවති තරගය ආරම්භයට පෙර මෙම රක්‍ෂණාවරණය සංකේතාත්මකව ලබාදීම සිදු කෙරුණා. මෙමගින් පාසල්වල වයස අවුරුදු 16 න් පහළ සහ 19 න් පහළ ක්‍රීඩකයින් රක්‍ෂණය කෙරෙනවා. මේ අතර, ශ්‍රී ලංකා රග්බි විනිසුරු සංගමය වෙත රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රදානයක්ද මෙහිදී සිදු කෙරුණා. කොළඹ ඉසිපතන විද්‍යාලයට කැබිනට් පත්‍රිකාවක් මගින් පැවරුනු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය නිල වශයෙන් පාසල වෙත බාරදීම සිදු කෙරුණේද ක්‍රීඩා අමාත්‍යවරයා අතින්. මේ අතර, පසුගිය වසරේ අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුර අනතුරට ලක්වූ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එච්.අයි.සී.ද සොයිසා ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය ප්‍රදානයක්ද අද සිදු කෙරුණා.

ජූලි 14, 2024 - Sudarsha Warnakulasooriya

Asia Rugby Men’s Division 1 Championship, Colombo – 2024

TUSKERS RESUMES INTERNATIONAL RUGBY TRIUMPHANT FASHION Asia Rugby Men's Division 1 Championship, Colombo – 2024 By Dhammika Hemantha   Skillful Sri Lankan Tuskers overcame the powerful Kazakhstan Nomad’s challenge in an emphatic manner to clinch the Asia Rugby Division-1 Championship last night in front of adoring rugby fans packed in at the Racecourse International Grounds Colombo, beating Kazakhstan by 45 points to 7. The opportunity to be on the international scene was marred by political and administrative tug-of-war as Sri Lanka Rugby was kept in international exile for five years. Sri Lanka however made a colorful re-entry to international rugby as their comeback assignment ended successfully. The tournament's final match began as a clash between the skills and speed of Sri Lankans and the size and brute strength of Kazakhstanis. The start wasn’t auspicious for Sri Lanka, as Heshan Janson knocked the simple kick-off ball. Tuskers regather the composure during early exchanges where both teams are trying to take a measure of each other. Tuskers were well disciplined in their defense, which helped them keep visitors away from scoring despite a few threatening attacking moves inside Tuskers’ half. Heshan Jansen’s smart and opportunistic quick tap pass to talismanic vice-captain in the 10th minute came off an off-side infringement led the Tuskers to the first try of the game as Tharinda Rattwatthe’s timely grabber sent Mursheed Subair touching down unchallenged to the left flank for an unconverted try. Leading up to the second try, a series of swift handlings in the 17th minute, Mursheed Subair sent his CR&FC teammate Adeesha Weeratunga over the right whitewash to miss the conversion from 36 meters out tough angle by Ratwatte. A well-charged down ball touched down Kazakh’s in-goal by the fly-half. Thenuka Nanayakkar in the 24th minute put the Tuskers firmly in the driving seat as Ratwatte got his first conversion between two uprights, with Sri Lanka leading 17 to nil. High on confidence and efficient in distributions, Tuskers starts to adopt end-to-end game, and through silky hands, Akash Madushanka sent Ratwatte over the line, dragging two defenders with him for a classy try and subsequent conversion to take Sri Lanka up by 24 to nil by the 30th minute of the game. Tuskers show off their brilliance in the 35th minute, this time with a pin-point accurate chip-kick over the top by half-back Heshan Jansen, sending winger Dinal Ekanayaka almost unchallenged for the fifth try, which Ratwatte converted from a difficult angle about 38 meters out. It was a dominant first half, as the score line read 31-0 at lemons. Kazakhstan hoped for a bright second half, but classy Ratwatte’s no-look pass to Heshan Jansen, who ran a terrific angle through a yawning gap in the middle before finishing under the post for a spectacular try to begin the second half and a simple conversion by the fly-half Thenuka Nanayakkara. The lead of 38 points to nil put Sri Lanka in a position of strength before a powerful drive by Kazakh’s skipper Rasul Magomedov to the left corner put the first points on the board for visitors to take them out of embarrassment. Abdrakhman Nazhibayev added two more points with a brilliant conversion that went through a relocation off the left upright and bounced off the cross bar before going in for two additional points, adding some respectability to the score line of 38-7. As Head Coach Sanath Martis emptying his bench, replacement players struggled to keep up to the hectic pace set out by the team mates, though they managed to score one more try through a scintillating run by Sachith Silva to finish things off in style for the Tuskers. Hirusha Nethmina, with an easy conversion, makes the score line 45-07. Sri Lanka ended the campaign as Division-1 Champions. SLR administrators have more hard work ahead of them as they look forward to taking them up to clash with the top 5 in Asia, where Sri Lanka could believe they really reached where they truly belong.

මැයි 5, 2024 - Sudarsha Warnakulasooriya

අන්තර් පාසල් සමස්ත ලංකා 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට..!!

අන්තර් පාසල් සමස්ත ලංකා වයස අවුරුදු 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා. ඒ, අවසන් තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 10 ට 5 ක් ලෙස පරාජයට පත් කරමින්. තරගාවලියේ, පලග ශූරතාව හිමි වුණේ, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට. බදුන ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට හිමි වූ අතර, පලිහ ශූරතාව හිමි කර ගත්තේ, පාදුක්ක සිරිපියරතන විද්‍යාලයයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කළ තරගාවලිය පැවැත් වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී.

අප්‍රේල් 22, 2024 - Sudarsha Warnakulasooriya

වසර 33 කට පසු ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායමට..!!

ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව වසර 33 කට පසු හිමිකර ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් මහ තරගයේදී හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින්. ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී. පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 5-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ, පොලිස් කණ්ඩායමයි. තරගයේ නියමිත කාලය අවසන් වනවිට ලකුණු 19 - 12 ක් ලෙස පෙරමුණ ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව, පොලිස් කණ්ඩායම 1991 වසරෙන් පසු ප්‍රථම වරට මෙම රග්බි කිරුළ තමන් හිමකර ගත්තා. ජයග්‍රාහී කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමකින්. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා පොලිස් කණ්ඩායමේ ආකාශ් මධුසංඛ.

මාර්තු 10, 2024 - Sudarsha Warnakulasooriya

වසර 26 කට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය CR & FC කණ්ඩායමට..!!

වසර 26 කට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ මහනුවර කණ්ඩායම සමග පැවති තරගය ජය ගනිමින්. සීආර් ඇන්ඩ් එෆ්සී සහ මහනුවර කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ සීආර් ක්‍රීඩාංගණයේදී. පළමු අර්ධයේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වූයේ, මහනුවර කණ්ඩායමයි. ඒ අනුව, එම අර්ධය නිමා වන විට ලකුණු 13 ට 6 ක් ලෙස මහනුවර කණ්ඩායම පෙරමුණ ගෙන සිටියා. කෙසේ වුවද, දෙවැනි අර්ධයේදී සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් එම අර්ධයේදී ලකුණු 27 ක් ලබා ගැනීමට සමත් වුණා. ප්‍රතිවාදී මහනුවර කණ්ඩායමට දෙවැනි අර්ධයේදී රැස් කළ හැකි වූයේ ලකුණු 12ක් පමණයි. ඒ අනුව, නියමිත කාලය අවසන් වන විට ලකුණු 33 ට 25 ක් ලෙස සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ජය හිමි කර ගත්තා. ජයග්‍රාහි කණඩායම ලකුණු රැස් කළේ ගෝල දිණුමක්, උත්සහක දිණුම් 4 ක් සහ දඬුවම් පහර දෙකකින්. සීආර් ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ අපරාජිත කණ්ඩායම ලෙසයි. 1998 වසරෙන් පසුව සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලීග් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙයයි.

පෙබරවාරි 19, 2024 - Sudarsha Warnakulasooriya

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායමට..!!

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ ඊයේ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් වුණා. තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී. තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ලකුණු තත්වය දැක්වුණේ 14 - 10 ලෙස යුධහමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාව තවත් ලකුණු 7ක් රැස් කළ අතර, යුධ හමුදාව ලකුණු 3ක් රැස් කළා. ඒ අනුව තරගය අවසන් වුණේ ලකුණු 17 - 14 ලෙස ගුවන් හමුදාවට ජය හිමි කර දෙමින්. ගුවන් හමුදාව ලකුණු රැස් කළේ ගෝල දිනුම් 2 ක් සහ හා දඩුවම් පහරක් මගින්.

ජනවාරි 13, 2024 - Sudarsha Warnakulasooriya

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් මහ නුවර කණ්ඩායම ජය ගනී

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් මහ නුවර කණ්ඩායම ජය ගත්තා. තරගය පැවැත්වුණේ දින මහනුවර නිත්තවෙල ක්‍ර්‍රීඩාංගණයේදී. තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගත්තේ මහනුවර කණ්ඩායමයි. ඔවුන් පළමු අර්ධයේදී ලකුණු 17 ක් රැස් කළා. නමුත් ප්‍රතිවාදී සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම එම අර්ධයේදී වර්තා කලයේ ලකුණු 3 පමණයි. දෙවන අර්ධයේ එක් උත්සාහක දිනුමක් සමගින් තම ලකුණු තත්වය 22 දක්වා ඉහළ නැන්වීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. එම අර්ධයේදී උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්තනය මෙන්ම දඬුවම් පහරක්ද සාර්ථක කරගත් සී එච් කණ්ඩායම තරගය අවසන් කලේ ලකුණු 13 ක් වාර්තා කරමින්. ඒ අනුව තරගයේ ජය මහ නුවර කණ්ඩායම සතු වුණා. මහනුවර කණ්ඩායම ලකුණු රැස් කළේය උත්සාහක දිනුම් 3ක් සහ ගෝල දිනුමකින්.

දෙසැම්බර් 4, 2023 - Sudarsha Warnakulasooriya

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවෙයි..!!

2023 ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු ඔලිම්පික් කවුන්සලයේ නාමය යටතේ තරඟ වදින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා අහිමිව ගියා. ඒ අද පැවති තරග වලින් චීන තායිපේ සහ දකුණු කොරියානු කණ්ඩායම් හමුවේ ලත් පරාජය සමගිනි. චීන තායිපේ හමුවේ ලකුණු 22-7 ක් ලෙසත් , දකුණු කොරියාව හමුවේ ද ලකුණු 22-7 ක් ලෙසත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජයට පත් වුණා . තරඟාවලියේ 9 වන ස්ථානයේ සිට 12 වන ස්ථානය දක්වා වර්ගීකරණය වෙනුවෙන් මෙරට ක්‍රීඩකයින් හෙට (25) ඇෆ්ගනිස්තානය සහ පිලිපීනය සමගත් අනිද්දා (26) තායිලන්තය සමගත් තරඟ වැදීමට නියමිතයි .

සැප්තැම්බර් 24, 2023 - Sudarsha Warnakulasooriya