ඇමෙරිකාව හමුවේ බංග්ලාදේශ කණ්ඩායමට අනපේක්ෂිත පරාජයක්..!!

මැයි 22, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

සංචාරක බංග්ලාදේශය සහ අමෙරිකාව අතර තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබීමට බංග්ලාදේශයට සිදු වුනා.

කාසියේ වාසිය දිනූ අමෙරිකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ බංග්ලාදේශයට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 153ක් පමණයි.

තව්හිඩ් හ්‍රිඩෝයි ලකුණු 58ක් ලබා ගත්තා. ස්ටීවන් ටේලර් කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකාව තරගය නිම වීමට පන්දු තුනක් ඉතිරිව තිබියදී ලකුණු 156ක් ලබා ගත්තේ කඩුලු 5ක් පමණක් දැවී තිබියදීයි. කොරේ ඇන්ඩර්සන් (34*) හර්මීත් සිං (33*) අමෙරිකාව කඩුලු 5ක ජයග්‍රහණයක් වෙත රැගෙන ගියා.

මුස්ටෆිසුර් රෙහ්මාන් කඩුලු 2ක් දවා ගත්තා. තරගයේ වීරයා හර්මීත් සිං33* (13).