මෙවර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට..!!

ජූලි 2, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරමින්.

තරගාවලිය ඊයේ ආරම්භ වුණේ පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍ර්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 174 ක් රැස් කතා.

මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 91 ක් රැස් කල අතර චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු 62 යි.

පන්දු යැවීමේදී දසුන් ශානක ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිලිතුරු ලෙස කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 17 යි පන්දු 2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 183 ක් රැස් කරමින්.

දිනේෂ් චන්දිමාල් ලකුණු 61යි.

දසුන් ශානක නොදැවී ලකුණු 47 ක් සහ ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 37 ක් රැස් කලා.