ලෝක කුසලාන 20-20 ක්රිමකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම‍ට ඉන්දියාව සමත්වෙයි..!!

ජූනි 28, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක කුසලාන 20-20 ක්රිමකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම‍ට ඉන්දියාව සමත් වුණා.

ඒ, දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තය ලකුණු 68 කින් පරාජය කරමින්. ඒ අනුව, තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ දකුණු අප්රිනකාව අතර පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ එංගලන්තය අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ, ප්රොඅවිඩන්ස්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව, පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 171 ක් රැස් කළා. නායක රෝහිත් ෂර්මා ලකුණු 57 යි.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 47 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී ක්රි5ස් ජෝර්ඩන් කඩුලු 3 ක් බිඳහෙලුවා.

පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 16 යි පන්දු 4 කදී සියලු ක්රීහඩකයින් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 103 ක් පමණයි. හැරී බෲක් ලකුණු 25 යි.

පන්දු යැවීමේදී ඇක්සපටෙල් සහ කුල්දීප් යාදෙව් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

තරගයෙන් ජයගත් ඉන්දියාව තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර, ඔවුන් 20-20 ලෝක කුසලානයක අවසන් තරගයට සුදුසුකම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයයි.

2007 වසරේදී 20-20 කිරුළ දිනූ ඉන්දියාව, 2014 වසරේදී අනු ශූරතාව හිමි කර ගත්තා.

මෙවර තරගාවලියේ අවසන් මහ තරගය කෙන්සින්ටන් ඕවල් ක්රී ඩාංගණයේ හෙට පැවැත්වීමට නියමිතයි.