වසර 17 ක‍ට පසුව T20 ලෝක කුසලානයක පහස විඳ ගැනීමට ඉන්දියාවට හැකිවෙයි..!!

ජූනි 30, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ද.අප්‍රිකාව පරදා ලකුණු 7ක තියුණු ජයක් අත් කර ගැනීමට අපරාජිත ඉන්දියාව සමත් වුනා.

ඉන්දියාව T20 ලෝක කුසලානයක පහස ලබන්නේ වසර 17 ක‍ට පසුවයි. 2007 වසරේ ආරම්භ කළ T20 ලෝක කුසලාන තරගාවලිය ප්‍රථම වරට ජයගත්තේත් ඉන්දියානු කණ්ඩායමයි.

ද. අප්‍රිකානු කණ්ඩායමක් ප්‍රථම වරට ලෝක කුසලාන ක්‍රිකට් තරගා වලියක අවසන් තරගය ක්‍රීඩා කළ අතර ඔවුනට ඉතිහාසය වෙනස් කිරීමට තිබූ අනගි අවස්ථාවක් ඉන්දියානුවන්ගේ හසල අත්දැකීම්, දක්ෂතාවය හමුවේ ගිලිහී ගියා.

කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ලකුණු 34 කට කඩුලු 3 ක් දැවී අසීරු තත්වයක සිටියදී සිය කඩුල්ල ආරක්ෂා කර ගත් ආරම්භක පිතිකරු කෝලි ඉන්දිය ඉනිමේ නැංගුරම වෙමින් සිය කණ්ඩායම ලකුණු 176/7 ක ප්‍රභල තත්වයකට ගෙන ගියා.

මහරාජ්, සහ එන්රිච් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 177 ක ඉලක්කය හඹා ගිය අප්‍රිකානුවෝ පන්දු වාර 16ක් නිමා වන විට ලකුණු 150/4 ක් ලබා ගනිමින් තරගයේ අණ දෙන්නන් බවට පත් වුනා. නමුත් පාන්ඩයා, බුම්රා, අශ්දීප් ඇතුළු ඉන්දීය වේග පන්දු බල ඇණිය අවසන් පන්දු වාර 4 දී තරගයේ පාලනය සියතට ගත්තා.

හෙන්රිච් ක්ලාසන් ලකුනු 52යි. පාන්ඩයා කඩුලු 3ක්, අෂ්දීප් සහ බුම්රා කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරග‍යේ වීරයා විරාට් කෝලි. මෙම ජයග්‍රහණයත් සමග විරාත් කෝලිගේ රෝහිත් ශර්මා ගේ 20/20 ක්‍රිකට් දිවියද අවසන් වනවා.