විශ්මි ගුණරත්න ජුනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා යෝජිත නම් අතරට..!!

ජූලි 4, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සඳහා යෝජිත ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවේ විශ්මි ගුණරත්න ඇතුළත්ව සිටිනවා.

මාසයක කාලයක් තුළ ජාත්‍යන්තර තරග බිමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් ඇගයීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම සම්මානය ප්‍රදානය කරනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විශ්මි ගුණරත්න ඒ සඳහා යෝජිත ක්‍රීඩිකාවන් අතරට ඇතුළත් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගාවලියේදී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන්.

18 හැවිරිදි ඇය එක් දින තරගාවලියේදී ලකුණු 134ක් සහ පන්දුවාර 20යි 20 තරගාවලියේදී ලකුණු 195ක් රැස් කළා.

පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානයට නිර්දේශ වී සිටින අනෙකුත් ක්‍රීඩිකාවන් වන්නේ එංගලන්තයේ මායා බුෂියර් සහ ඉන්දියාවේ ස්ම්‍රිති මන්ධනා.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මත විමසීමකින් අනතුරුව පසුගිය මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රිඩිකාව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.