ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නිල නොවන තරගයකදී ලද ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරයි..!!

සැප්තැම්බර් 12, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ඕෂධ ප්‍රනාන්දුගේ සුපිරි පිතිකරණයෙන් බල ගැන්වුනු ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව නිල නොවන තරගයකදී ලද ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුනා.

ඒ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ඒ කණ්ඩායම අතර කිම්බර්ලි හිදී පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගය කඩුලු 6කින් ජය ගනිමින්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සියල්ලන් දැවී ලකුණු 372 ක් ලබා ගත්තා. මැතිව් බ්‍රීට්ස්කි ලකුණු 129 යි. එෂාන් මාලිංග කඩුලු 4ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා පළමු ඉනිම 323යි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 122ක් ලබා ගත්තා. බෙයර්ස් ස්වන්පෝල් කඩුලු 4ක් දවා ගත්තා. දකුණු අප්‍රිකා දෙවන ඉනිම විනාශ කළ ඉසිත විජේසුන්දර අප්‍රිකානු කඩුලු 7ක් දවා ගත්තා. අප්‍රිකාවට ලබා ගත හැකි වුයේ ලකුණු 124ක් පමණයි.

ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කඩුලු 4ක් පමණක් දැවී අදාල ඉලක්කයට ළඟා වුනා.
ප්‍රථම ඉනිම නැවතූ තැනින් පටන් ගෙන ශ්‍රී ලංකාව නිරුපද්‍රිතව ජයග්‍රහණය වෙත කැඳවා ගෙන ගිය ඕෂද ලකුණු 80ක් ලබා ගනිමින් තරගයේ වීරයා බවට පත් වුනා.