වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා “C” කාණ්ඩයේ පන්දුවාර 50 ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත් ප්‍රධානය

සැප්තැම්බර් 13, 2024 - Sudarsha Warnakulasooriya

  • Other
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා “C” කාණ්ඩයේ පන්දුවාර 50 ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත් ප්‍රධානය අද සිදු කෙරුණා.

එම අවස්ථාවද NDB බැංකුවේ විදායක ශ්‍රේණියේ නිලධාරීන්,වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මේ නිලධාරින් ඇතුළු පිරිසක් එක් ව සිටියා.

කණ්ඩායම් පහක සහභාගිත්වයෙන් පසුගිය ජූලි මාසයේ තරගාවලියේ මූලික වටේ තරග ආරම්භ කෙරුණා.

ලීග් ක්‍රමය යටතේ මූලික තරග 13 ක් පැවති අතර කණ්ඩායම් පහ අතරින් මුල් ස්ථාන හතර හිමි කරගත් කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

පළමු අවසන් පූර්ව තරගය පසුගිය හත් වැනි දා පැවැත්වුණේ LOLC Holdings සහ MAS Unichela ,කණ්ඩායම් අතර. දෙවැනි අවසන් පූර්ව Navaloka Hospital සහ David Pieris A කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.

නමුත් තවමත් දෙවැනි අවසන් පූර්ව තරගය තවත් වෙන දිනයක් නිවේදනය කර නැහැ. තරගාවලිය සැප්තැම්බර් මස 28 වැනිදා අවසන් වීමට නියමිතයි.