T20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය අපරාජිතව නිමාකරමින් සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට..!!

මැයි 8, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

විස්සයි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සහභාගී වූ තරග 6ම ජය ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා.

ඒ අබුඩාබි හිදී ඊයේ පැවති අවසන් මහා තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්.

කාසියේ වාසිය පරාජයට පත්වී අබුඩාබි සයෙඩ් පිටියේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දු 63 කදී ලකුණු 102ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 13ක් සමගින්. මෙය අතපත්තු වාරතා කළ දෙවන T20 ශතකයයි.

අවසන් පන්දු වාරය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කන්ඩායමේ නැංගුරම වූ චමරිට අනගි සහයක් ලබා දෙන්නට ශ්‍රී ලංකා මුල් පෙළ සහ මැද පෙළට හැකි වුනා.

රචෙල් ස්ලැටර් කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 170 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ස්කොට්ලන්තය අසරණ කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු වාර 20 අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 101/7 කට සීමා කළා.

උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක්දවා ගත්තා.

ඒ අනුව ලකුණු 68 ක ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු වුනා. තරගයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු.