ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක වෙනුවට තුන් කොන් එක් දින ක්රිකට් තරගාවලිය සඳහා ලහිරු උදාර ශ්රී ලංකා සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නිමා වූ එංගලන්ත තරග සංචාරය අතරතුර ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක පූර්ණ සුවය ලබා ඇති බවට වෛද්ය සහතිකය තවමත් ලැබී නොමැති බවයි.
ඒ අනුව පැතුම් නිස්සංක වෙනුවට ලහිරු උදාර ශ්රී ලංකා සංචිතයට එක් කළ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
ශ්රී ලංකාව, එංගලන්තය, සහ පාකිස්ථානය සහභාගී වන මෙම තුන් කොන් එක් දින ක්රිකට් තරගාවලිය ලබන 18 වැනිදා රාවල්පින්ඩිහිදී ආරම්භ වීමට නියමිතයි.