වයස අවුරුදු 19න් පහළ තුන් කොන් බාලිකා පන්දුවාර 20/20 ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති අද පැවැති තරගය කඩුලු 8කින් ජය ගැනීමට ශ්රී ලංකාව සමත් වුණා.
පාකිස්ථානයේ ෆයිසලාබාද්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයට සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 58ක් පමණයි.
ලිමන්සා තිලකරත්න ලකුණු 13ට කඩුලු 3ක් දවා ගත් අතර, දනෝද්යා සෙව්මිණී ලකුණු 7ට කඩුලු 2යි.
ලකුණු 59ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකාව පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කළා.
විමෝක්ෂා බාලසූරිය ලකුණු 22යි.
තරගයේ වීරයා ලිමන්සා තිලකරත්න.
මෙම තරගාවලියට ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය සහභාගී වනවා.
ශ්රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින්නේ සහභාගී වූ තරග 6න් 5ක් ජය ගනිමින්.
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරගය ලබන සිකුරාදා ෆයිසලාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.