සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කාන්තා ක්‍රිකට් වර්ධනය, අභියෝග හා අනාගතය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කාන්තා ක්‍රිකට් වර්ධනය, අභියෝග හා අනාගතය

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 2, 2025
Women's cricket
බෙදාගන්න

මුල් කාලයේදී ක්‍රිකට් යනු පිරිමින්ගේ ක්‍රීඩාවක් සේ හඳුනාගත්තත් මෑත කාලයේදී කාන්තා ක්‍රිකට් වේගයෙන් ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය වුණා. ක්‍රිකට් ක්‍රීඩාවට එන්න එන්නම ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වෙනවාත් සමගම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා සහභාගීත්වයද එන්න එන්නම වැඩි වුණා.

Contents
  • කාන්තා ක්‍රිකට් වර්ධනය වූ හැටි
  • කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් අවස්ථා:
    • වෘත්තීය ක්‍රීඩිකාවන්:
    • වැඩි වශ‍යෙන් රූපවාහිනී හා වෙනත් මාධ්‍යය ආවරණය:
    • කාන්තා ලීග් තරග:
  • කාන්තා ක්‍රිකට් මුහුනදෙන අභියෝග
    • මුදල් හා සම්පත්වල හිඟය:
    • අඩු මාධ්‍යය අවධානය:
    • සංස්කෘතික බාධක:
    • වැටුප් විශමතා:
  • කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය
    • තව තවත් කාන්තා ලීග් තරගාවලි:
    • අරමුදල් හා අනුග්‍රාහකයින්:
    • සමාන අවස්ථා:
    • යොවුන් ක්‍රීඩිකාවන් සඳහා පුහුණු වැඩසටහන්:

කෙසේ වුනත් කාන්තා ක්‍රිකට් මුහුණදෙන අභියෝග රැසක් තවමත් පවතිනවා. මේ ලිපිය මගින් කාන්තා ක්‍රිකට් වර්ධනය වූ හැටි, එය මුහුණදෙන අභියෝග හා එහි අනාගතය පිළිබඳව විමසා බැලීමට උත්සහා කරනවා.

කාන්තා ක්‍රිකට් වර්ධනය වූ හැටි

කාන්තාවන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම මීට බොහෝ කාලයකට පෙර සිට සිදුවුනත් ඒ සඳහා සැලකිය යුතු ප්‍රේක්ෂක අවධානයක් හිමි වුණේ නැහැ. පලමු කාන්තා ක්‍රිකට් තරගය 1745 දී පවත්වන ලද නමුත්, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය වීමට පටන්ගත්තේ 1970 සහ 1980 දශක වලදීය. පලමු කාන්තා ලෝක කුසලානය පිරිමි ලෝක කුසලානය ට වසර දෙකකට කලින් 1973 දී පැවැත්වුණා.

අද වන විට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙන කවරදාකටත් වඩා ජනප්‍රියයි. කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, කාන්තා ක්‍රිකට් 20/20 ලෝක කුසලානය, ඕස්ට්‍රේලියාවේ WBBL තරගාවලිය හා IPL කාන්තා තරගාවලිය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවය උදෙසා බොහෝ සෙයින් බලපෑවා.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් අවස්ථා:

වෘත්තීය ක්‍රීඩිකාවන්:

ක්‍රීඩිකාවන්හට පූර්ණකාලීන කොන්ත්‍රාත් ලැබීම නිසා වැඩි වශයෙන් පුහුණුවීම් වල නිරත වෙමින් වෘත්තීය ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසුණා. එමගින් ඕස්ට්‍රේලියාවේ මැග් ලෙනින්, ඉන්දියාවේ ස්ම්‍රිති මන්දනා, ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු වැනි ක්‍රීඩිකාවන් ක්‍රිකට් ලෝකයේ දිදුලන තරු බවට පත්වුණා.

වැඩි වශ‍යෙන් රූපවාහිනී හා වෙනත් මාධ්‍යය ආවරණය:

කාන්තා ක්‍රිකට් තරග වලට වැඩි වශයෙන් රූපවාහිනී හා වෙනත් මාධ්‍යය ආවරණය ලැබීම මගින් ප්‍රේක්ෂකයා අතර කාන්තා ක්‍රිකට් වේගයෙන් ප්‍රචලිත වුණා. එසේම සමාජ මාධ්‍යය තුළින් ක්‍රීඩිකාවන්ව වැඩි වශයෙන් වැළඳගැනීමට අවස්ථාව හිමිවුණා.

කාන්තා ලීග් තරග:

ප්‍රධාන වශයෙන් කාන්තා IPL තරගාවලිය 2023 ආරම්භකිරීමත් සමග ක්‍රීඩිකාවන්ට වැඩි පිළිගැනීමක් හා ඉහළ ආදායමක් උපයාගැනීමට අවස්ථාව සැලසුණා.

කාන්තා ක්‍රිකට් මුහුනදෙන අභියෝග

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට බොහෝ සෙයින් සාර්ථක වී තිබුනත් එය මුහුනදෙන අභියෝග රැසක් තවමත් පවතිනවා.

මුදල් හා සම්පත්වල හිඟය:

කාන්තා ක්‍රිකට් කෙතරම් දියුණු වුනත් පිරිමි ක්‍රිකට් වලට සාපේක්ෂව අරමුදල් ලැබීම ඉතා අඩු මට්ටමක පවතිනවා. මේ හේතුව නිසා ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් සහ නවෝත්පාදනයන් ලබාගැනීම සාපේක්ෂව අඩුමට්ටමක පවතිනවා.

අඩු මාධ්‍යය අවධානය:

පිරිමි ක්‍රිකට් වලට සාපේක්ෂව කාන්තා ක්‍රිකට් සඳහා ලැබෙන්නේ අඩු මාධ්‍යය ආවරණයක්. එබැවින් කාන්තා ක්‍රිකට් සඳහා ප්‍රේක්ෂකයින්ගේ අඩුවක් පැවතීමෙන්, ක්‍රීඩිකාවන් සඳහා අනුග්‍රාහකයින් ද බොහෝ සෙයින් අඩු මට්ටමක පවතිනවා.

සංස්කෘතික බාධක:

සමහර රටවල් ක්‍රිකට් යනු පිරිමින්ට පමණක් උචිත ක්‍රීඩාවක් ලෙස තවමත් හඳුනාගන්නවා. තවත් රටවල් ක්‍රිකට් ක්‍රීඩාව සදහා කාන්තාවන් සහභාගීවීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ලබාදීමෙන් වැලකී සිටිනවා. මේ හේතුවෙන් ක්‍රිකට් ලෝකයට එකතු විය හැකි බොහෝ ක්‍රීඩිකාවන් පිරිසක් අහිමි වී තිබෙනවා.

වැටුප් විශමතා:

පෙරදාට වඩා ක්‍රීඩිකාවන් සඳහා ගෙවීම් වැඩි කර තිබුනත් පිරිමි ක්‍රීඩකයන්ට සාපේක්ෂව එය බොහෝ අඩු මට්ටමක පවතිනවා. තවමත් ක්‍රීඩිකාවන් බොහෝ පිරිසක් වෙනත් රැකියාවක නිරත් වෙන ගමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සිදු වී තිබෙනවා.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට දීප්තිමත් අනාගතයක් ඇති බව පෙනුනත් තවත් කිරීමට බොහෝ දේ තිබෙනවා.

තව තවත් කාන්තා ලීග් තරගාවලි:

කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සඳහා IPL, BBL හා The Hundreds වැනි ලීග් තරග කිහිපයක් මේ වන විට පවතිනවා. නමුත් ලෝකය පුරා විහිදී සිටින සියලු ක්‍රීඩිකාවන්ට මේ තරගාවලි සඳහා අවස්ථා හිමිවන්නේ නැහැ. එම නිසා අනෙකුත් ලීග් තරග පවත්වන රටවල් වල කාන්තා තරගාවලියක් සමගාමීව පැවැත්වීමට උත්සහා කළ යුතුයි.‍

අරමුදල් හා අනුග්‍රාහකයින්:

කාන්තා ක්‍රිකට් වර්තාමානය වන විට වැඩි ජනප්‍රියතාවයක් උසුලන නිසා තව තවත් අරමුදල් හා අනුග්‍රාහකයින් ලබාගැනීම සඳහා ව්‍යාපාරිකයන් උනන්දු කළ යුතුයි.

සමාන අවස්ථා:

කාන්තා ලෝක කුසලාන තරගාවලි පිරිමි ලෝක කුසලාන තරගාවලි වලට සමගාමීව පැවැත්වීම මගින් අය්සීසිය කාන්තා ක්‍රිකට් සඳහා සමාන අවස්ථා ලබාදීමට ගත් උත්සහයක් ලෙස දැකිය හැකියි. එසේම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ද තවත් වැඩි වශයෙන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරවීමට උත්සහ කළ යුතුයි.

යොවුන් ක්‍රීඩිකාවන් සඳහා පුහුණු වැඩසටහන්:

නවක ක්‍රීඩිකාවන් හට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් වැඩි වශයෙන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩිකාවන් බිහිකිරීමට අවස්ථාවක් හිමි වෙයි.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ දුර පැමිණ ඇත, නමුත් යාමට තව බොහෝ දුර ඇත.

පෙර ලිපිය ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගනී
Next Article උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණය පිළිබඳ සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එක්දින හා තුන්කොන් 20-20 තරගාවලියකට ශ්‍රී ලංකාව පාකිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ප්‍රවේගකාරී හඹායෑමකින් පසුව ඉන්දියාව දෙවන විස්සයි විස්ස තරගය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සියලු තරග ජයගනියි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?