සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගනී

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 1, 2025
බෙදාගන්න

ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂ වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද ( 23 ) දින ජාතික යොවුන් සේනාංකයේ දී සිය තනතුරේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙසද, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයා වශයෙන් සහ ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කර ඇත.

වැඩභාර ගැනීමෙන් අනතුරුව නිලධාරීන් ඇමතූ අධ්‍යක්ෂකවරයා පැවසුවේ, නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, තරුණ තරුණියන් බල ගැන්වීම සඳහා වත්මන් රජය සමඟ අත්වැල් බැඳගන්නා බවත්, ජාතික යොවුන් සේනාංකයේ සියලුම නිලධාරීන් සමඟ දේශපාලන භේදයන්ගෙන් තොරව එක්ව සාමූහිකව කටයුතු කරන බවත් ය.

මෙම අවස්ථාවට එක් වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ද අදහස් දැක්වූ අතර එහිදී, වර්තමාන තරුණ තරුණියන් හුදෙකලාවට පත් වී ඇති බවත්, fake සබඳතාවයන්ට වර්තමාන තාරුණ්‍ය නැඹුරු වී සිටින බවත්, ඔවුන් ඉන් මුදවා ගනිමින් මානව සමාජය තුළ ආදරය, සමාජ ප්‍රේමය සහිත දියුණු තාරුණ්‍යක් නිර්මාණය කිරීම තුළ සංවර්ධිත රටක් නිර්මාණය කිරීමෙහි ලා බලපාන බවත් සඳහන් කළේය.

වර්තමාන තාරුණ්‍ය දේශපාලනයෙන් ඈත් වීම සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ අමාත්‍යවරයා, ඉදිරියේ දී තරුණ තරුණියන් දේශපාලනයට මැදිහත් කරගැනීම වෙනුවෙන් Political Academy ගොඩනැගීමට බලාපොරොත්තු වන බව පැවසුවේය.

සමාජ සංවර්ධනයට, මානව වර්ගයාගේ ප්‍රගමනයට හේතු වන නිර්ණායක අනුව කටයුතු කිරීමේ වැදගත්කමත්, පෞද්ගලික හිතවත්කම් මත කිසිඳු තනතුරු ලබා දීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මානව සමාජයේ ජීවත් වන තරුණයා, අනෙකා ගැන සංවේදී වන, ආදරය,දයාව සහිත තරුණයෙක් සහ මානව සමාජය ජයග්‍රහණය කරා ගෙන යා හැකි තරුණයෙක් නිර්මාණය කරගැනීම සියලුම දෙනාට පැවරෙන වගකීමක් බවත්, එය නිර්ණායකයක් ලෙස ගෙන ඉදිරියේ දී වැඩ කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් හමුවෙහි වැඩිදුරටත් පවසන ලදී.

පෙර ලිපිය Gamini Wickramapala ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ගාමිණී වික්‍රමපාල මහතා පත් කෙරේ
Next Article Women's cricket කාන්තා ක්‍රිකට් වර්ධනය, අභියෝග හා අනාගතය
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසිකිරීමෙන් සුමේධ රණසිංහට රිදී පදක්කම

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සාන්යා හීදී ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිල ක්‍රීඩා ඇඟලුම් කට්ටලය භාර දෙයි

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පැරා ඔලිම්පික් වලින් ලංකාවට රන් පදක්කම් දෙකක්.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?