බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

විස්සයි විස්ස තරගාවලියේදී පාකිස්තානය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 2, 2026
©Getty Images
බෙදාගන්න

සංචාරක ඕස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජයගැනීමට පාකිස්තානය ඊයේ සමත් වුණා. ඒ ඊයේ පැවති තුන්වන තරගය ලකුණු 111කින් ජයගැනීමෙන්.

මුලින් පන්දුවට පහරදුන් පාකිස්තානය සිය පන්දුවාර 20ට කඩුලු 7ට ලකුණු 207ක් ලබාගැනීමට සමත් වුණ අතර ඊට පිලිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාව ලබාගත්තේ සියලු දෙනා දැවී ලකුණු 96ක් පමණයි.

පාකිස්තානය වෙනුවෙන් සයීම් අයූබ් පන්දු 37ට ලකුණු 56ක්, බාබර් අසාම් නොදැවී පන්දු 36ට ලකුණු 50ක් හා ශදාබ් කාන් පන්දු 19ට ලකුණු 46ක් ලබාගත්තා.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක්වෙද්දී යම් කිසි සාර්ථකත්ව‍යක් ලැබුවේ ලකුණු 27ට එක් කඩුල්ලක් දවාගත් මැතිව් කුනමන් හා පන්දු 39ට කඩුලු දෙකක් දවාගත් බෙන් ද්වාෂිස් පමණයි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු අයුරකින් සාර්ථක වීමට පාකිස්තානු පන්දු යැවීමේ බලඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ. එක පිට එක කඩුලු බිඳ වැටුනු ඕස්ට්‍රේලියානු ඉනිමේ සියලු කඩුලු 17වන පන්දුවාරය වන විට දැවී ගිය අතර ඔවුන් ලබාගත්තේ ලකුණු 96ක් පමණයි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලකුණු 20 සීමාව පසු කළේ කැමරන් ග්‍රීන් (22) හා මාකස් ස්ටොයිනිස් (23) පමණයි.

පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් ලකුණු 18ට කඩුලු 5 ක් දවාගත් අතර ශහීන් ෂා අෆ්‍රීඩි ලකුණු 16ට කඩුලු 2ක් දවාගත්තා. ඊට අමතරව අබ්‍රාර් අහමඩ් හා නසීම් ෂා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව 2026 විස්සයි විස්ස ලෝක කුසලානය අභියසදීම ඕස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක් අත්කර දෙමින් පාකිස්තානය තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තා.

අවසන් තරගයේ තරගයේ වීරයා ලෙස මොහොමඩ් නවාස් නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා වූයේ පාකිස්තානු නායක සල්මන් අලී අගා යි.

පෙර ලිපිය ලෝක කුසලානයේදී ඉන්දියාව හා තරග කිරීමට පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි
Next Article ශ්‍රී ලංකාව පරදා එංගලන්තය 20/20 තරගාවලිය 3-0ක් ලෙස ජය ගනී.
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආසියානු කුසලානයට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඇමරිකාවේ සාමාජිකත්වය ඉවත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 25කින් සමන්විත මූලික සංචිතයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?