වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගය ශ්‍රී ලංකාව ලකුණු 52 කින් ජයගත්තා.
බ්‍රිස්බන්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 4ක් තුළ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 170ක්.
ලිමංසා තිලකරත්න ලකුණු 51 යි
ශෂිනි ගිම්හානි ලකුණු 39 ක් ලබා ගත්තා.
පිලිතුරු ලෙස ලකුණු 171ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 42යි පන්දුවක් තුළ සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 118ක් පමණයි.
පන්දු යැවීමේදී නායක චමුදි ප්‍රබෝධා සහ අසේනි තලගුණේ කඩුලු 3බැගින් දවා ගත්තා.
මෙම තරගාවලියට ශ්‍රී ලංකා, එංගලන්ත සහ ඔස්ට්‍රේලියා 19න් පහළ බාලිකා කණ්ඩායම් ඇතුළත්.