සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: RIDE ශක්තිජනක පානය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා අත්වැල් බැඳගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

RIDE ශක්තිජනක පානය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා අත්වැල් බැඳගනී

By Pradeep Gurusinghe
Published: ජූනි 4, 2025
බෙදාගන්න

Cargills Food & Beverage Ltd සමාගමට අයත් සන්නාමයක් වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය ශක්තිජනක පානය RIDE, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නිල ශක්තිජනක පාන සහකරු ලෙස පත් වූ බව ජුනි 04 වන දා කොළඹ, කිංග්ස්ටර් හෝටලයේ දී පැවති උත්සවයක දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් සමඟ ඇති කරගනු ලබන මෙම හවුල්කාරීත්වය, ලංකාවේ ප්‍රමුඛතම දේශීය ශක්තිජනක පාන සන්නාමය වශයෙන් RIDE තම ස්ථානය නැවත තහවුරු කරගැනීමක් වන අතර “Real Energy” යන නව මුහුණුවරකින් යුතු සන්නාම පොරොන්දුව යථාත් RIDE හි වර්ධනයේ වැදගත් ඉදිරි පියවරක් වේ.

ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රබල නාමයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඇති කීර්තිය ගෝලීය වෙළෙඳපොළට අවතීර්ණවීමේ RIDE හි අනාගත අභිලාශයන්ට පිටිවහලක් සපයයි. එබැවින් මෙය හුදු අනුග්‍රාහකත්වකට එහා ගිය ශක්තිය, දක්ෂතාට සහ හැකියාවෙහි මනා සම්මිශ්‍රණයකි.

2020 දී හඳුන්වා දුන් RIDE, පසුගිය වසර 4 තුළ සුපිරි වෙළෙඳා අංශය, සාමාන්‍ය වෙළෙඳ අංශය මෙන්ම ආහාර සේවා අංශවල විශාල ප්‍රගතියක් ලබාගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති කරගත් මෙම හවුල්කාත්වය, RIDE ශක්තිජනක පානය නව මුහුණුවරකින් යුතුව එළිදැක්වීම හා සමගාමීව සිදු වේ. නව මුහුණුවරක් යටතේ එන RIDE, ශ්‍රී ලාංකීය ජනතාවට අමතර ශක්තියක් සපයමින් ඔවුන්ගේ එදිනෙදා ජීව්තයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දී, ජීවිතයේ උපර්ම තෘප්තිය විදගැනීමට අවැසි “Real Energy” බවට පත්වීමේ තම අරමුණ වෙනුවෙන් කැප වී සිටියි.

RIDE හි වත්මන් නිෂ්පාදන පෙළට RIDE ClassIc, RIDE Redberry, සහ RIDE Sugar-Free ඇතුළත් වන අතර, නවතම හඳුන්වාදීම වන RIDE Glow Apple මෙම කාණ්ඩයට නැවුම් රසයක් එක් කරයි. මෙම නට එළිදැක්වීමට සමගාමීව, දිනෙන් දින වර්ධනය වන පාර්භෝගික රුචිකත්වයන් හඳුනාගනිමින් RIDE යොදා ගනිමින් කොක්ටේල් වර්ග අත්හදා බැලීම සඳහා පාරිභෝගිකයන් උනන්දු කරවීමට ද සන්නාමය කටයුතු කරයි.
.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, Cargills Food & Beverage Ltd කළමනාකාර අධ්‍යක්ෂ, අර්ජුන කුමාරසිංහ මහතා මෙසේ පැවසීය:

“ක්‍රිකට් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන තිබෙනවා. එය අපේ දෛනික ජීවිතයේ කොටසක් වගේම රථ පුරා ජනතාව එකමුතු කරන්න ක්‍රිකට්වලට පුළුවන්. RIDE අපගේ අරමුණ සරලයි. ඔවුන් කවුරු වුනත්, කොතැන සිටියත්, මොන වේලාවක වුනත් අපි ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය ලබාදෙනවා ජයග්‍රහණයට ඇති ආශාව, ඔරොත්තු දීමේ හැකියාව සහ එකමුතුකම වර්ධනය කරන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අපගේ මෙම අරමුණ මනාව පිළිබිඹු කරනවා.”

“RIDE, අපගේ නිල ශක්තිජනක පාන සහකරු ලෙස පිළිගැනීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. මෙය අප ඉතා අගය කරන හවුල්කාරිත්වයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟින් සිදුකරන මේ සහයෝගීතාවය තුළින් කාගිල්ස් හට ඔවුන්ගේ ශක්තිජනක පාන සන්නාමය අපේක්ෂිත වෙළෙඳපොළ කරා ඔසවා තැබීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී, ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

මෙම වැඩසටහන වර්ණවත් කිරීමට එක්දින සහ T20 නායක චරිත් අසලංක, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා, ක්‍රිකට් ලෝකයේ දැවන්ත චරිතයක් මෙන්ම ප්‍රධාන පුහුණුකරු වන සනත් ජයසූර්ය මහතා සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු ඇතුළු ක්‍රිකට් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ පුද්ගලයින් රැසක් ද සහභාගී විය.

පෙර ලිපිය තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් අද පිටත් වෙයි
Next Article ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ 137වන ගෝලය වාර්තා කරයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නැගීඑන ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 8 වටය අද ඇරඹේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL 2026 සඳහා දින නියම වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?