ඉතිහාසයේ පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබිමේ හොකී තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අද සමත්වුණා.
ඒ තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අද පැවති අවසන් පූර්ව තරගයේදී ඉන්දුනිසියාව ගෝල 3-2ක් ලෙස පරාජය කරමින්.
ශ්‍රී ලංකාව හෙට අවසන් තරගයේදී ඕමානය සමග තරග වැදීමට නියමිතයි.