සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැතුම්ගේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පැතුම්ගේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය වෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 9, 2026
©BCCI
බෙදාගන්න

ඊයේ පැතුම් නිශ්ශංක නියෝජනය කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය එක ලකුණකින් ජයගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ගුජරාට් කණ්ඩායම සිය ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 210ක් ලබාගත්තා.

නායක ශුබ්මාන් ගිල් පන්දු 45ට ලකුණු 70ක් ලබාගත් අතර ජොස් බට්ලර් පන්දු 27ට ලකුණු 52ක් ලබාගත්තා. ඊට අමතරව වොෂිංටන් සුන්දර් ලකුණු 55ක් ලබාගත්තා.

දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් මුකේෂ් කුමාර් කඩුලු 2ක් ලබාගත් අතර ලුන්ගි එන්ගිඩි හා කුල්දීප් යාදව් එක් කඩුල්ලක් බැගින් දවාගත්තා.

පිලිතුරු ඉනිමේදී ආරම්භක පිතිකරුවන් වන ලොකේෂ් රාහුල් හා පැතුම් නිශ්ශංක පළමු කඩුල්ලට ලකුණු 76ක සබඳතාවයක් ගොඩනැගුවා.

පැතුම් නිශ්ශංක පන්දු 24ට ලකුණු 41ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුලත් වුණා. ලොකේෂ් රාහුල් පන්දු 52ට ලකුණු 92ක් රැස් කළා. ඊට අමතරව ඩේවිඩ් මිලර් නොදැවී පන්දු 20ට ලකුණු 41ක් ලබාගත්තා.

කෙසේ නමුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 209ක් පමණයි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් රෂීඩ් කාන් කඩුලු 3ක් දවා ගත් අතර ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම එක් ලකුණකින් තරගය ජයගෙන තරගාවලියේ පළමු ජය වාර්තා කළා.

පෙර ලිපිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය ජයගනී
Next Article නුවන් තුෂාරගේ පැමිණිල්ලට ක්‍රිකට් ආයතනයෙන් විරෝධතා ගොනු කෙරේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2025 කාන්තා ලෝක කුසලානයේ තරග තීරක හා විනිසුරුවන් සඳහා කාන්තාවන් පමණයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සියලු තරග ජයගනියි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සනත් ජයසූරිය පුහුණුකාරීත්වයෙන් ඉවත්වෙයි?

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශය 2026 IPL තරගාවලිය විකාශය කිරීම ප්‍රතික්ෂේප කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?