T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයේ පළමු තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වෙයි..!!

June 20, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 වටයේ පළමු තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අමෙරිකාව පරාජය කරමින්.

ඇන්ටිගුවා හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 194 ක් රැස් කලා.

ක්වින්ටන් ඩි කොක් ලකුණු 74 ක් රැස් කල අතර එයිඩ්න් මැක්‍රම් ලකුණු 46 යි.

පිලිතුරු ලෙස අමෙරිකාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් රැස් කලා.

ඒ අනුව දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ ලකුණු 18 කින්.

අමෙරිකාව වෙනුවෙන් ඇඩ්‍රීස් ගවුස් නොදැවී ලකුණු 80 ක් රැස් කලා.

කගීසෝ රබාඩා කඩුලු 3යි.

තරගයේ වීරයා ක්වින්ටන් ඩි කොක්.