Athletics

අන්තර් පාසල් සමස්ත ලංකා 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට..!!

අන්තර් පාසල් සමස්ත ලංකා වයස අවුරුදු 19 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සමත් වුණා. ඒ, අවසන් තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 10 ට 5 ක් ලෙස පරාජයට පත් කරමින්. තරගාවලියේ, පලග ශූරතාව හිමි වුණේ, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයට. බදුන ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට හිමි වූ අතර, පලිහ ශූරතාව හිමි කර ගත්තේ, පාදුක්ක සිරිපියරතන විද්‍යාලයයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කළ තරගාවලිය පැවැත් වුණේ, කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී.

April 22, 2024 - Sudarsha Warnakulasooriya

වසර 33 කට පසු ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායමට..!!

ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව වසර 33 කට පසු හිමිකර ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් මහ තරගයේදී හැව්ලොක් කණ්ඩායම පරාජය කරමින්. ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගය පැවැත්වුණේ, කොළඹ තුරග තරග පිටියේදී. පළමු අර්ධය අවසන් වනවිට ලකුණු 5-0 ක් ලෙස ඉදිරියෙන් සිටියේ, පොලිස් කණ්ඩායමයි. තරගයේ නියමිත කාලය අවසන් වනවිට ලකුණු 19 - 12 ක් ලෙස පෙරමුණ ගැනීමට, පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව, පොලිස් කණ්ඩායම 1991 වසරෙන් පසු ප්‍රථම වරට මෙම රග්බි කිරුළ තමන් හිමකර ගත්තා. ජයග්‍රාහී කණ්ඩායම ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමකින්. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා පොලිස් කණ්ඩායමේ ආකාශ් මධුසංඛ.

March 10, 2024 - Sudarsha Warnakulasooriya

වසර 26 කට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාවය CR & FC කණ්ඩායමට..!!

වසර 26 කට පසු අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ මහනුවර කණ්ඩායම සමග පැවති තරගය ජය ගනිමින්. සීආර් ඇන්ඩ් එෆ්සී සහ මහනුවර කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ සීආර් ක්‍රීඩාංගණයේදී. පළමු අර්ධයේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වූයේ, මහනුවර කණ්ඩායමයි. ඒ අනුව, එම අර්ධය නිමා වන විට ලකුණු 13 ට 6 ක් ලෙස මහනුවර කණ්ඩායම පෙරමුණ ගෙන සිටියා. කෙසේ වුවද, දෙවැනි අර්ධයේදී සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම කැපී පෙනෙන දක්ෂතා දක්වමින් එම අර්ධයේදී ලකුණු 27 ක් ලබා ගැනීමට සමත් වුණා. ප්‍රතිවාදී මහනුවර කණ්ඩායමට දෙවැනි අර්ධයේදී රැස් කළ හැකි වූයේ ලකුණු 12ක් පමණයි. ඒ අනුව, නියමිත කාලය අවසන් වන විට ලකුණු 33 ට 25 ක් ලෙස සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ජය හිමි කර ගත්තා. ජයග්‍රාහි කණඩායම ලකුණු රැස් කළේ ගෝල දිණුමක්, උත්සහක දිණුම් 4 ක් සහ දඬුවම් පහර දෙකකින්. සීආර් ක්‍රීඩකයින් මෙවර තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ අපරාජිත කණ්ඩායම ලෙසයි. 1998 වසරෙන් පසුව සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම ලීග් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙයයි.

February 19, 2024 - Sudarsha Warnakulasooriya

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ තරගයේ ජය ගුවන් හමුදා කණ්ඩායමට..!!

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ ඊයේ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් වුණා. තරගය පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී. තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ලකුණු තත්වය දැක්වුණේ 14 - 10 ලෙස යුධහමුදා කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී ගුවන් හමුදාව තවත් ලකුණු 7ක් රැස් කළ අතර, යුධ හමුදාව ලකුණු 3ක් රැස් කළා. ඒ අනුව තරගය අවසන් වුණේ ලකුණු 17 - 14 ලෙස ගුවන් හමුදාවට ජය හිමි කර දෙමින්. ගුවන් හමුදාව ලකුණු රැස් කළේ ගෝල දිනුම් 2 ක් සහ හා දඩුවම් පහරක් මගින්.

January 13, 2024 - Sudarsha Warnakulasooriya

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් මහ නුවර කණ්ඩායම ජය ගනී

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් මහ නුවර කණ්ඩායම ජය ගත්තා. තරගය පැවැත්වුණේ දින මහනුවර නිත්තවෙල ක්‍ර්‍රීඩාංගණයේදී. තරගය ආරම්භයේ සිටම පෙරමුණ ගත්තේ මහනුවර කණ්ඩායමයි. ඔවුන් පළමු අර්ධයේදී ලකුණු 17 ක් රැස් කළා. නමුත් ප්‍රතිවාදී සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම එම අර්ධයේදී වර්තා කලයේ ලකුණු 3 පමණයි. දෙවන අර්ධයේ එක් උත්සාහක දිනුමක් සමගින් තම ලකුණු තත්වය 22 දක්වා ඉහළ නැන්වීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. එම අර්ධයේදී උත්සාහක දිනුමක් හා එහි ප්‍රවර්තනය මෙන්ම දඬුවම් පහරක්ද සාර්ථක කරගත් සී එච් කණ්ඩායම තරගය අවසන් කලේ ලකුණු 13 ක් වාර්තා කරමින්. ඒ අනුව තරගයේ ජය මහ නුවර කණ්ඩායම සතු වුණා. මහනුවර කණ්ඩායම ලකුණු රැස් කළේය උත්සාහක දිනුම් 3ක් සහ ගෝල දිනුමකින්.

December 4, 2023 - Sudarsha Warnakulasooriya

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවෙයි..!!

2023 ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු ඔලිම්පික් කවුන්සලයේ නාමය යටතේ තරඟ වදින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා අහිමිව ගියා. ඒ අද පැවති තරග වලින් චීන තායිපේ සහ දකුණු කොරියානු කණ්ඩායම් හමුවේ ලත් පරාජය සමගිනි. චීන තායිපේ හමුවේ ලකුණු 22-7 ක් ලෙසත් , දකුණු කොරියාව හමුවේ ද ලකුණු 22-7 ක් ලෙසත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජයට පත් වුණා . තරඟාවලියේ 9 වන ස්ථානයේ සිට 12 වන ස්ථානය දක්වා වර්ගීකරණය වෙනුවෙන් මෙරට ක්‍රීඩකයින් හෙට (25) ඇෆ්ගනිස්තානය සහ පිලිපීනය සමගත් අනිද්දා (26) තායිලන්තය සමගත් තරඟ වැදීමට නියමිතයි .

September 24, 2023 - Sudarsha Warnakulasooriya