Football

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට..!!

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ‍තුරඟ තරග පිටියේදී අවසන් වූයේ ගෝල 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්. තරගයේ පළමු අර්ධයේදී දෙපිළේ කිසිවකුටත් ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්ක කර තත්පර 23ක් ගත වන විට ක්‍රියාත්මක වූ 21 හැවිරිදි ඩිලන් ද සිල්වා ශ්‍රී ලංකාවට පළමු ගෝලය වාර්තා කළා. අනතුරුව 55 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඔලිව ජේම්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ගෝලය ලබා දුන්නා. තරගයේ අවසාන මිනිත්තුව දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය නිසා භූතානයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් අනුව භූතානයට 184 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට 204 වන ස්ථානයත් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වාර්තා කළ ජයග්‍රහණය වසර 3 කට පසුව ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණයයි. මේ අතර ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව තරගයක් ජය ගත්තේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.

March 26, 2024 - Sudarsha Warnakulasooriya

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය අයිවරි කෝස්ට් කණ්ඩායමට..!!

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී, නයිජීරියාව පරාජය කරමින්. තරගාවලිය පැවැත්වුණේ, අයිවරි කෝස්ට් හිදී. අවසන් තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, නයිජීරියාවයි. ඒ අනුව, පළමු අර්ධය නිමා වන විට ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නයිජීරියාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී අයිවරි ‍කෝස්ට් කණ්ඩායම ගෝල 2 ක් ලබා ගත්තා. ඒ, 62 වැනි සහ 81 වැනි මිනිත්තුවලදී. නමුත්, නයිජීරියාව දෙවැනි අර්ධයේදී ගෝලයක් වාර්තා කළේ නැහැ. ඒ අනුව, ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත් අයිවරි කෝස්ට් කණ්ඩායම තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා. ඔවුන් මෙම ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙයයි.

February 12, 2024 - Sudarsha Warnakulasooriya

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව කටාර් රාජ්‍ය කණ්ඩායමට..!!

‍ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට, කටාර් රාජ්‍ය කණ්ඩායම සමත් වුණා. ඒ, අවසන් තරගයේදී ‍ ජෝර්දානය පරාජය කරමින්. ‍කටාර්හි ලුසායිල් ක්‍රීඩාංගණයේදී අවසන් තරගය පැවැත්වුණා. පළමු අර්ධයේම සිටිම වැඩි දක්ෂතා දැක්වූයේ කටාර් කණ්ඩායමයි. තරගයේ 22 වැනි මිනිත්තුවේදී කටාර් ක්‍රීඩක අක්‍රම් අෆීෆ් තරගයේ පළමු ගෝලය ලබාගත්තා. ඒ අනුව කටාර් කණ්ඩායම පළමු අර්ධය නිමා වනවිට පෙරමුණ ගත්තේ, ගෝල 1-0 ක් ලෙසයි. දෙවැනි අර්ධයේදී සිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට ජෝර්දානය සමත් වුණා. 67 වැනි මිනිත්තුවේදී අල් - නයිමාත් එම ගෝලය ලබාගත්තා. අනතුරුව තියුණු තරගයක් ලබාදුන් කටාර් කණ්ඩායම, දෙවැනි අර්ධයේදී තවත් ගෝල දෙකක් වාර්තා කළා. එම ගෝල වාර්තා කළේ අක්‍රම් අෆීෆ්‍ ක්‍රීඩකයායි. ඒ අනුව කටාර් කණ්ඩායම තරගය ජයගත්තේ ගෝල 3-1 ක් ලෙසයි.

February 11, 2024 - Sudarsha Warnakulasooriya

සමස්ත ලංකා පාසැල් වයස අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට එරාවුර් අලිගර් ජාතික පාසල සමත්වෙයි !!

‍සමස්ත ලංකා පාසැල් වයස අවුරුදු 19 න් පහළ පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට එරාවුර් අලිගර් ජාතික පාසල සමත්වුණා. ඒ, අවසන් තරගයේ දී මරදාන සහීරා විද්යාගලය පරාජය කරමින්. අවසන් තරගය පැවැත්වුණේ, කොළඹ - සුගතදාස ක්‍රීඩාංගණයේ දී. ඊයේ උදෑසන පැවති තරගයේ නියමිත කාලය අවසන් වන තෙක් කිසිඳු ගෝලයක් වාර්තා වුයේ, නැහැ. ඒ අනුව තරගයේ ජය පරාජය තීරණය කෙරුණේ දඬුවම් පහර මගින්. එහිදී ශූරතාව හිමි කර ගැනීමට අලිගර් ජාතික පාසල සමත් වුණා. තරගාවලියේ දක්ෂාතම ක්‍රීඩකයා අලිගර් ජාතික පාසලේ එම්. එම් . මුනීෆර්. අවසන් තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමි වුණා.

December 12, 2023 - Sudarsha Warnakulasooriya

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි..!!

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, පසුගියදා පැවති කාන්තා ලෝක කුසලාන පාපන්දු අවසාන මහා තර‍ගයේ ජයග්‍රහණයෙන් පසුව, ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකාවක සිපගැනීම සම්බන්ධයෙන් ඇති වූ මතභේද හේතුවෙන්. ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ශූරතාව මෙවර හිමිකර ගත්තේ, ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායමයි. තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය අවස්ථාවේ ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුවිස් රුබියාලේස් විසින් තම කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වන ජෙනී හෙර්මෝසොගේ දෙතොල් සිපගැනීම සම්බන්ධයෙන් ඔහුට දැඩි ලෙස චෝදනා එල්ල වුණා. මේ හේතුවෙන් ඔහු දැරූ සභාපති තනතුර මෙන්ම යුරෝපා ලීග් පාපන්දු කමිටුවේ උප සභාපති ධුරයෙන් ද ඉවත් වීමට සිදුවුණා. මේ සම්බන්ධයෙන් එම ක්‍රීඩිකාව ඔහුට විරුද්ධව නඩුවක් ද නීතිමය පියවර ද ගෙන තිබෙනවා.

September 11, 2023 - Sudarsha Warnakulasooriya