Cricket
  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

ලෝක කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත්වෙයි..!!

ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද සමත් වුණා. ඒ තායිලන්තය පරාජය කරමින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු වාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් රැස් කලා. හසිනි පෙරේරා සහ නිලක්ශිකා සිල්වා ලකුණු 29 බැගින් ලබා ගත්තා. පිලිතුරු ලෙස තායිලන්ත ක්‍රීඩිකාවන්ට පන්දුවාර 16යි පන්දු 2 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 50 ක් පමණයි. තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 67කින්. පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3 ක් සහ උදේශිකා ප්‍රබෝධිනී කඩුලු 2 ක් දවා ගත්තා.

April 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙස ICC ය විසින් මලල ක්‍රීඩක උසේන් බෝල්ට් නම් කරයි..!!

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකා එක්සත් ජනපදය හා බටහිර ඉන්දීය කොදෙවු දූපත් වල දී පැවැත්වෙනවා. 2024 ජුනි 1 සිට 29 දක්වා පැවැත්වෙන තරගාවලියේ සන්නාම තානාපති වරයකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් මලල ක්‍රීඩක උසේන් බෝල්ට් තෝරාගෙන තිබෙනවා. ලොව පුරා දහස් සංඛ්‍යාත ක්‍රිකට් ලොලීන් දිරිමත් කරන සන්දර්ශන සමය ආරම්භ වීමට තවත් ඇත්තේ නොබෝ දිනක්. ඔලිම්පික් තරගාවලි තුනකදී (2008,2012,2016) මීටර් 100 සහ මීටර් 200 ඉසව් වලින් අඛන්ඩව රන් පදක්කම් දිනූ ලොව එකම තරගකරුවා වන්නේ උසේන් බෝල්ට්. මීටර් 100 ඉසව්වක බෝල්ට් වාර්තා කළ වේගවත්ම කාලය තත්පර 9.58ක්. ඒ 2009 වසරේ බර්ලින් ලෝක ශුරතා තරගාවලියේදීයි. එමෙන්ම එය වත්මන් ලෝක වාර්තාවද වනවා. මීට අමතරව එහි ඔලිම්පික් වාර්තාවද (තත්පර 9.63 ) බෝල්ට් විසින්ම 2012 වසරේ ලන්ඩන් හිදී පිහිටුවනු ලැබුවා. 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉතිහාසගත කළ බෝල්ට් පිට පිට ක්‍රීඩා තුනකදී (100m, 200m, 4x100m)රන් පදක්කම් ත්‍රිත්වයක් ලබා ගනිමින් ලෝකයේම අවධානය වඩ වඩාත් දිනා ගත්තා. එමෙන්ම මෙම තරග තුනේම වත්මන් ලෝක වාර්තාවට හිමි කම් කියන්නේද බෝල්ට් විසිනුයි. "මගේ හදවතේ ක්‍රීඩාවට විශේෂ තැනක් මම දෙනවා, කොදෙව්වන් ක්‍රීඩා කරන තරග නැරඹීමට පැමිණ ඔවුන් දිරිමත් කරමින් ජගත් කෙළි බිමේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට දායක වනවා." යනුවෙන් පසුගිය දිනක මෙම විශිෂ්ට ක්‍රීඩකයා මාධ්‍යට පවසා තිබුණා.

April 25, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

සුපිරි තරඟයකින් පසු Gujarat Titans පරාජය කරමින් Delhi Capitals කණ්ඩායමට ලකුණු 04 ක තියුණු ජයක්..!!

2024 IPL තරගමාලාවේ 40 වන තරගය ඊයේ දිල්ලි හිදී පැවැත්වුනා. ඒ ගුජරාට් ටයිටන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතරයි. කාසියේ වාසිය දිනූ ගුජරාටය ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා. ඒ අනුව දිල්ලි කණ්ඩායම ලකුණු කඩුලු 4 ක් දැවී 224ක් ලබා ගත්තා. නායක රිෂාබ් පන්ට් ලකුණු 88යි. සන්දීප් වොරියර් කඩුලු 3ක් දවා ගත්තා. ලකුණු 225ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් ක්‍රීඩකයන්ට තියුණු සටනකින් පසුව පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 220ක් පමණයි. සායි සුදර්ශන් ලකුණු 65යි. ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 2ට ලකුණු 11ක් අවශ්‍යව තිබූ මොහොතේ පිටියේ රැඳී සිටි රෂීඩ් ඛාන් 19 වන ඕවරයේ 5 වන පන්දුවට හයේ පහරක් කලා. නමුත් අවසන් පන්දුවට රෂීඩ්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වුනා. රසික් සලාම් කඩුලු 3ක් දවා ගත්තා. ඒ අනුව ලකුණු 4ක තියුණු ජයක් දිල්ලි කණ්ඩායමට හිමි වුනා. තරග 40ක් අවසානයේ ලකුණු සටහනේ පෙරමුණ ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හැකි වී තිබෙනවා. කල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රබාද් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් පිළිවෙලින් දෙවන තෙවන සහ සිව්වන ස්ථාන හිමි කර ගෙන තිබෙනවා. ‍රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අවසන් ස්ථානයට පත්ව සිටිනවා.

April 25, 2024 - Sudarsha Warnakulasooriya

Other News Tab
  • Athletics
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා කණ්ඩායමට..!!

වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට මීටර 400 හතර මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා. ඒ මිනිත්තු 3 යි තත්පර 28 යි දශම 1යි8 ක කාලයක් වාර්තා කරමින්. ගාල්ල මහින්ද විදයාලයේ ජිත්‍ය කිරුලු, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසැලේ ජිත්මා විජේතුංග , කුරුණෑගල මලියදේව විදයාලයේ තෙමින්ද රාජපක්ෂ සහ මාතර මධ්‍ය මහා විදයාලයේ නුහන්සා කොඩිතුවක්කු මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලා. මෙම ඉසව්වේ රන් පදක්කම චීනයට හිමි වෙද්දී රිදී පදක්කම හිමි වුණේ ඉන්දියාවට. වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙනවා.

April 27, 2024 - Sudarsha Warnakulasooriya

  • Cricket
  • Cricket News
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

චමරි අතපත්තු නැවතත් එක්දින කාන්තා පිතිකාරිණියන් ශ්‍රේණිගත කිරීම්හි අංක 01 ට..!!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලොව එක් දින කාන්තා පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම අනුව යළි පළමු ස්ථානයට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා. චමරි අතපත්තු මීට පෙරද මෙම ශ්‍රේණිගත කිරීම් පළමු ස්ථානයේ පසු වුණා. දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින තරගාවලියට පෙර ඇය, එහි දෙවැනි ස්ථානය දක්වා පසුබැස තිබුණා. දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වැනි එක් දින ක්‍රිකට් තරගයේදී චමරි අතපත්තු රැස් කළ ලකුණු සංඛ්‍යාව 195 ක්. ඇය, තම එක් දින ක්‍රිකට් දිවියේ ලබාගත් 9 වැනි ශතකයද මෙයයි. එම, දක්ෂතාවත් සමග චමරි නැවතත් ලේඛනයේ පෙරමුණට පැමිණියේ ලකුණු 773 ක් හිමි කර ගනිමින්. ඇය මේ වන විට එක් දින ජාත්‍යන්තර තරග 101 ක් සඳහා ශ්‍රීලංකාව නියෝජනය කර තිබෙනවා. චමරි අතපත්තු මෙතක් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 3513 ක්.

April 23, 2024 - Sudarsha Warnakulasooriya

  • Other
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට විරේන් නෙත්තසිංහ සමත්වෙයි..!!

මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබීමට විරේන් නෙත්තසිංහ සමත් වුණා. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අවශ්‍ය පරිසාදන මට්ටම සපුරාලීමට විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා තරගාවලි සදහා සහභාගි වුණා. මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 38 දෙනෙකුට පරිසාදන මට්ටම පසුකර සෘජු ලෙස ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගැනීමේ අවස්තාව හිමිවනවා. ඒ අනුව විරේන් ඊට සුදුසුකම් ලැබුවේ 32 න්නා ලෙසින්. විරේන් නෙත්තසිංහ තවමත් 20 හැවිරිදි ක්‍රීඩකයෙක්. ඔහු ඉතිහාසයට එක් වන්නේ ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලැබූ මෙරට ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසයි. 2012 වසරේ නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාදන මට්ටම පසුකර සෘජුවම ඔලිම්පික් වරම්දිනූ පළමු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහයි.

April 18, 2024 - Sudarsha Warnakulasooriya

Football News
  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ගෝල 2-0 ක් ලෙස ජය ශ්‍රී ලංකාවට..!!

FIFA SERIES 2024 SRI LANKA EDITION තරගාවලියේ භූතානය සහ ශ්‍රී ලංකාව අතර තරගය කොළඹ ‍තුරඟ තරග පිටියේදී අවසන් වූයේ ගෝල 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි කර දෙමින්. තරගයේ පළමු අර්ධයේදී දෙපිළේ කිසිවකුටත් ගෝල වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් දෙවන අර්ධය ආරම්ක කර තත්පර 23ක් ගත වන විට ක්‍රියාත්මක වූ 21 හැවිරිදි ඩිලන් ද සිල්වා ශ්‍රී ලංකාවට පළමු ගෝලය වාර්තා කළා. අනතුරුව 55 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඔලිව ජේම්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ගෝලය ලබා දුන්නා. තරගයේ අවසාන මිනිත්තුව දක්වා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය නිසා භූතානයට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැහැ. ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් අනුව භූතානයට 184 වන ස්ථානයත් ශ්‍රී ලංකාවට 204 වන ස්ථානයත් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව මෙම වාර්තා කළ ජයග්‍රහණය වසර 3 කට පසුව ලැබූ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණයයි. මේ අතර ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව තරගයක් ජය ගත්තේ වසර 10 කට පසුව වීම විශේෂත්වයක්.

March 26, 2024 - Sudarsha Warnakulasooriya

  • Football
  • Popular
  • Recent
  • Sinhala
  • Trending

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය අයිවරි කෝස්ට් කණ්ඩායමට..!!

අප්‍රිකානු කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් වුණා. ඒ, ඊයේ පැවති අවසන් තරගයේදී, නයිජීරියාව පරාජය කරමින්. තරගාවලිය පැවැත්වුණේ, අයිවරි කෝස්ට් හිදී. අවසන් තරගයේ පළමු ගෝලය 38 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, නයිජීරියාවයි. ඒ අනුව, පළමු අර්ධය නිමා වන විට ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ ගැනීමට නයිජීරියාව සමත් වුණා. දෙවැනි අර්ධයේදී අයිවරි ‍කෝස්ට් කණ්ඩායම ගෝල 2 ක් ලබා ගත්තා. ඒ, 62 වැනි සහ 81 වැනි මිනිත්තුවලදී. නමුත්, නයිජීරියාව දෙවැනි අර්ධයේදී ගෝලයක් වාර්තා කළේ නැහැ. ඒ අනුව, ගෝල 2 ට 1 ක් ලෙස තරගය ජය ගත් අයිවරි කෝස්ට් කණ්ඩායම තරගාවලියේ ශූරතාව හිමි කර ගත්තා. ඔවුන් මෙම ශූරතාව දිනූ තෙවැනි අවස්ථාව මෙයයි.

February 12, 2024 - Sudarsha Warnakulasooriya