Volleyball

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට..!!

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග අද පැවති තරගය, ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලියේදී ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණය මෙයයි. තරගාවලිය, පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර තරගය, ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඔවුන් තරගයේ පළමු වටය ජය ගත්තේ, ලකුණු 25 ට 22 ක් ලෙසයි. දෙවැනි වටය ලකුණු 25 ට 17 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්, තෙවැනි වටය ලකුණු 25 ට 21 ‍ලෙස ජය ගැනීමට සමත් වුණා. ඒ අනුව, ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, වට 3 ට බින්දුවක් ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මූලික වටයේදී සහභාගී වන අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ටර්ක්මින්ස්ථානය සමග. තරගාවලිය, මෙවර පැවැත්වෙන්නේ, දෙවැනි වරටයි.

May 15, 2024 - Sudarsha Warnakulasooriya

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි..!!

ඇෆ්ඝනිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි. මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ තෙවන තරගය ඇෆ්ගනිස්ථානය සමග පැවැත්විණි. එම තරගය තරග වට 3/0ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පලමු තරගය සහ දෙවන තරගය අනපේක්ෂිත ලෙස පරාජය වුවත් ,පලමු තරගවල අඩුපාඩු සකසා ගනිමින් හොද තරග රටාවක් ප්‍රදර්ශනය කරන්නට ඇෆ්ගනිස්ථානය සමඟ තරගයේ දී සමත් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මී ළඟ තරගය අනිද්දා දින එනම් 15 වෙනි දින ප.ව 01.00 ට ඉරානය සමග පැවැත්වීමට නියමිතය.

May 13, 2024 - Sudarsha Warnakulasooriya

මාලදිවයින් පිරිමි වොලිබෝල් කන්ඩායම සමග සුහද වොලිබෝල් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම හෙට දින සවස දිවයිනෙන් පිටත් වීමට නියමිතයි.

මාලදිවයින් පිරිමි වොලිබෝල් කන්ඩායම සමග සුහද වොලිබෝල් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික පිරිමි වොලිබෝල් කණ්ඩායම හෙට දින සවස දිවයිනෙන් පිටත් වීමට නියමිතයි. මෙම තරගාවලිය 2023 අගෝස්තු මස 12 දින සිට 16 දින දක්වා පැවැත්වෙනවා. එම කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට ප්‍රථම සමුහ ඡායාරූපයකට පෙනී සිටියා. මලීෂ රවිෂාන්, මහේෂ් වන්නිගම, ෂෙහාන් ලක්ෂිත, සනුක මධුභාෂන, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල් සහ මනෝජ් සුරංග කණ්ඩායට ඇතුළත්වනවා..!!

August 10, 2023 - Sudarsha Warnakulasooriya