සෞදි අරාබියේ දී පැවැත්වෙන හයවන ආසියානු 18න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි වුණා.
මීටර් 100 කාන්තා ඉසව්වේ රිදී පදක්කම හිමිකරගැනීමට ධනංජනා සෙව්මිණී ප්‍රනාන්දු ක්‍රීඩිකාව ඊයේ දිනයේදී සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී තත්පර 11.92ක කාලයක් වාර්තා කරමින්.
ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවන් ලෝකඩ පදක්කමක් දිනා දීමට ළහිරු අචින්ත ක්‍රීඩකයා සමත් වුණා.
ඒ මීටර් 1500 පිරිමි ධාවන ඉසව්වෙන්.
ඔහු එම ඉසව්ව නිමා කලේ මිනිත්තු 3 තත්පර 59.47කින්.
තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි තුම්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර දුන්නේ ජනිත් ලක්ෂාන් විසින්.
රටවල් 31ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අප්‍රේල් මස 15 සිට 18 දක්වා පැවැත්වීමට නියමිතයි.