2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක ඊයේ සමත් වුණා.
ඒ, ඉන්දියාවේ පැවැත්වෙන 2025 පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී සිව් වැනි ස්ථානය හිමි කර ගනිමින්.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක, ඉන්දියාවේ පැවැත්වෙන 2025 පොදුරාජ්‍ය මණ්ඩල බර ඉසිලීමේ ශූරතා තරගාවලියේ කිලෝ ග්‍රෑම් 71 බර පන්තියෙන් තරග වැදුණා. එහිදී, ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 130 ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 150 ක බරක් එසවීමට ඔහු සමත් වුණා.
එම තරගයේදී ඉන්දික එසවූ සමස්ත බර කිලෝග්‍රෑම් 280 ක්. ඒ අනුව ඔහු තරගයේ සිව් වැනි ස්ථානයට හිමි කර ගත්තා.
ඒ සමගින් ඉන්දික දිසානායක, 2026 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
එය, ඔහුගේ 5 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළයි. මීට පෙර 2010, 2014, 2018 සහ 2022 යන වර්ෂවලදී පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ නියෝජනය කර තිබෙනවා.