පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ ලොව කුඩාම රාජ්‍ය බවට පත්වීමට කුරසාඕ දූපත් රාජ්‍ය අද සමත් වුණා.
ඒ සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය යටතේ ජැමෙයිකාව සමඟ පැවති තරඟය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමඟයි.
මීට පෙර පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩා කළ කුඩාම රාජ්‍යක් ලෙස වාර්තා වුණේ අයිස්ලන්තයයි.
ඔවුන් 2018 වසරේදී ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ක්‍රීඩා කළා. අයිස්ලන්තයේ ජනගහනය සටහන් වන්නේ 391000ක් ලෙසයි.
2026 වසරේ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදුසුකම් ලැබූ කුරසාඕ රාජ්‍යයේ ජනගහනය 155000ක්.
මේ වනවිට ඔවුන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව 82 ස්ථානයේ පසුවනවා.