ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද පස්වරු 6.30ට රාවල්පින්ඩි හීදී ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සිම්බාබ්වේ හා පාකිස්තානය සමග පැවති තරග දෙකම ජයග්‍රහණය කළ අතර කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය බොහෝ දුරට වෙනස් නොවෙනු ඇත. නමුත් පාකිස්තාන කණ්ඩායමට සහීන් ෂා අෆ්‍රීඩි හා නසීම් ෂා එක් කරගැනීමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන ආපදා තත්වය නිසා කණ්ඩායමේ හා කාර්‍ය මණ්ඩලයේ තරගාවලි ගාස්තු සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් යෙදවීමට කන්ඩාඅම තීරණය කොට ඇත.
සුපුරුදු පරිදි තරගය නැරඹීම සඳහා Sporty lk YouTube නාලිකාව සමග එකතුවන්න.