ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු.
හර්ෂිතා සමරවික්‍රම උපනායිකාව ලෙස නම් කර තිබෙනවා. හසිනි පෙරේරා, විෂ්මි ගුණරත්න, නිලක්ෂිකා ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉමේෂා දුලානි, කෞෂිනී නුත්‍යාංගනා, මල්ෂා ශෙහානි, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, නිමේෂා මදුෂානී, කව්‍යා කාවින්දි, රෂ්මිකා සෙව්වන්දි සහ මල්කි මදාරා කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩිකාවන්.
තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ලබන 21 වැනිදා ආරම්භ වන තරගාවලිය, 30 වැනිදා අවසන් වනවා.