ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති 20/20 ක්‍රිකට් තරගාවලිය තරග 5 ට 0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.
5 වැනි තරඟය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 15 කින්.
තරගය පැවැත්වුණේ තිරුවන්නාතපුරම් හිදීයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 ඇතුලත කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් රැස් කලා.
නායිකා හර්මන්ප්‍රීත් කෝර් ලකුණු 68 යි.
කවීශා දිල්හාරි, රශ්මිකා සෙව්වන්දි සහ චමරි අතපත්තු අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.
පිලිතුරු ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 ඇතුලත කඩුලු 7 ක් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 160 ක්.
හශිනි පෙරේරා ලකුණු 65 ක් සහ ඉමේශා දුලානි ලකුණු 50 රැස්කළා.