ආසියානු පැරා ක්රීඩා උලළේදී රන් පදක්කම් හිමිකර ගැනීමට ප්රදීප් සෝමසිරි සහ ජනනි ධනංජනා සමත් වුණා.
ප්රදීප් සෝමසිරි රන් පදක්කම හිමිකර ගත්තේ ටී46 කාණ්ඩයේ මීටර් 1500 ධාවන ඉසව්වෙන්.
ඔහු මිනිත්තු 4යි තත්පර 3යි දශම 2යි 5ක කාලයකින් තරගය අවසන් කළ අතර එය නව තරගාවලි වාර්තාවක්.
මෙවර ආසියානු පැරා ක්රීඩා උළලේදී ශ්රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම මෙයයි.
මේ අතර ජනනි ධනංජනා රන් පදක්කම හිමිකර ගත්තේ ටී 47 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙන්.
ඇය මීටර් 5යි දශම 5යි 2ක දුරක් වාර්තා කළ අතර එයද නව තරගාවලි වාර්තාවක්.
ආසියානු පැරා ක්රීඩා උලෙළ ජපානයේ අයිචි නගෝයා හිදී පැවැත්වෙනවා.