ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට බහරේන් ක්රීඩිකා ශිටායේ හබ්ටේ සමත් වුණා.
ඇය තරගය නිමා කිරීම සදහා ගත කළ කාලය පැය 2 යි මිනිත්තු 27 යි තත්පර 31 ක්.
එහි රිදී පදක්කම හිමි කර ගත්තේ චීනයේ සිරේන් කුඔ්මි ක්රීඩිකාවයි. ලෝකඩ පදක්කම ජපානයේ යාඩා මිකුනි ක්රීඩිකාවට හිමි වුණා.
මේ අතර මැරතන් පිරිමි ඉසව්වේ රන්පදක්කම හිමි කර ගැනීමට ජපානයේ යමශිටා ඉචිටකා සමත් වුණා.
ඔහු ඒ සදහා ගත කල කාලය පැය 2 යි මිනිත්තු 10 යි තත්පර 49 ක්.
එහි රිදී පදක්කම ඉන්දියාවේ සවාන් බාර්වල් හිමි කර ගත්තා. ඒ පැය 2 යි මිනිත්තු 11 යි තත්පර 37 ක කාලයක් වාර්තා කරමින්. ඔහු මෙම ඉසව්ව සදහා තම ක්රීඩා දිවියේ වාර්තා කළ හොදම කාලය මෙයයි.
ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ චීනයේ පෙයූ ෆෙන්ග්.