ශ්රි ලංකාවේ පාපන්දු ක්රීඩාවේ මෑතකාලීන ප්රගතිය ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සහ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අතර හමුවකදී මෙම අදහස් ප්රකාශ කර තිබුණා.
ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂේක් සල්මාන් බින් මහතා සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා අතර හමුව සිදුවුනේ ජපානයේ ටෝකියෝ නුවරදී.
ෆිෆා ලෝක පාපන්දු ශ්රේණිගත කිරීම් හි කැපීපෙනෙන ලෙස ඉදිරියට පැමිණීම ශ්රි ලංකාවේ පාපන්දු ක්රීඩාවේ දියුණුව පිළිබඳ සාක්ෂියක් බවයි ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ප්රකාශ කර ඇත්තේ.
ඒ අනුව මෙරට පාපන්දු ක්රිඩාවේ අනාගතය සුභවාදී බවද ඔහු සඳහන් කර තිබෙනවා.